Home » NDB බැංකුව කාබන් භාවිතාව අවම කිරීමේ තවත් පියවරක

NDB බැංකුව කාබන් භාවිතාව අවම කිරීමේ තවත් පියවරක

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

NDB බැංකුව සිය කාබන් භාවිතාව අඩු කිරීමට සහ තිරසර භාවිතයන් අනුගමනය කිරීමට ඇති කැපවීම ශක්තිමත් කිරීම සඳහා දකුණු ආසියාවේ පළමු ISO 14064 ප්‍රමිතිකරණය ලත් සංවිධානය වන SLCF සමඟ අත්වැල් බැඳගෙන ඇත.

මෙම මුලපිරීමේ තීරණාත්මක අංගය වනුයේ SLCF හි GHG විශේෂඥයින් විසින් පවත්වනු ‌ලබන පුහුණු සැසියයි. තිරසර සංස්කෘතියක් බිහිකිරීම අරමුණු කොටගෙන කාබන් විමෝචනය අවබෝධ කරගැනීම සහ කළමනාකරණය කිරීම පිළිබඳ NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ සේවක මණ්ඩලය හට දැනුම ලබා දීම මෙමඟින් සිදුකෙරේ.

මේ පිළිබඳ NDB බැංකුවේ ආයතනික තිරසාරත්ව කමිටුවේ සභාපති ලසන්ත දසනායක ප්‍රකාශ කළේ, “ SLCF වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟ හවුල් වීමෙන් හොඳම භාවිතයන්ට අනුගත වීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ලෝකය වෙත අර්ථවත් බලපෑමක් ඇති කිරීම අපගේ අරමුණයි… ” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division