AIA ඉන්ෂුවරන්ස්, Sri Lanka Great Place to Work® (GPTW) වෙතින් ප්‍රථම වරට ප්රදානය කරන ලද Workplace Wellness සම්මානයෙන් පිදුම් ලබයි. සිය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය සහ සුවතාව පිළිබඳ සැලකිලිමත් වන සමාගම් සම්භාවනාවට පාත්‍ර කරමින් ප්‍රථම වරට ප්රදානය කරන ලද Wellness Champion සම්මානය සඳහා 2024 වසරේ දී තේරී පත් වූ එකම රක්ෂණ සමාගම වූයේ AlA ඉන්ෂුවරන්ස් සමාගමයි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම තුළ සුවතාව යනු හුදු සංකල්පයක් පමණක් නොවන අතර, එය අපගේ සන්නාම ප්‍රතිඥාව තුළ ඇතුළත් මූලික අංගයකි. AIA දීර්ඝ කාලයක් පුරාවට සිය පාරිභෝගික ජනතාවගේ සහ ප්‍රජාවගේ සුවතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී කටයුතු කරමින් සිටින අතර මෙම සම්මානය ඔස්සේ ඉස්මතු කරන ලද්දේ ඒ හා සමාන වූ අවධානයක් සිය කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සුවතාව සඳහා ද යොමු කරන ලද බවයි.