වසර 137 ක දීර්ඝ ඉතිහාසයකින් සමන්විත, ඉන්දියාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් (NBFC) වන Muthoot Finance සහ එහි ශ්‍රී ලාංකේය අනුබද්ධිත ආයතනය වන Asia Asset Finance PLC විසින් වසර 10 ක සාර්ථක සාඩම්බර හවුල්කාරීත්වය සමරයි. Muthoot Finance සහ Asia Asset Finance සහයෝගිතාව හරහා රන් ණය, ස්ථාවර තැන්පතු සහ කල් බදු, ඉඩම් ණය යන මූල්‍ය නිෂ්පාදනවල සුවිශාල අන්දමේ වර්ධනයක් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 30 දා වන විට Asia Asset Finance සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රු.බි. 32.28 ක් (USD107.188M) ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 24.74% ක වර්ධනයකි. පසුගිය වසරේ දී සමාගම විසින් දුන් ණය ප්‍රමාණය රු.බි. 5.5 කි. (USD 18.26M). සමාගම විසින් ලබා දී ඇති සමස්ත ණය ප්‍රමාණය රු.බි. 26.1 ක් (USD 86.67M) දක්වා වැඩි වී ඇත.
ඡායාරූපය – විමල් කරුණාතිලක