මේෂ – පදිංචි ස්ථානයේ දියුණුව
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් හරහාය. සහෝදර පිරිස් මාපිය දූදරු සබඳතාවන් වර්ධනය වන සැනසිලිදායක සතියකි. ගෙදරදොර කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නට හැකි අතර පදිංචි ස්ථානයේ දියුණුවට අදාල තීන්දු තීරණ ගනියි. මා පිය සහයෝගය නොඅඩුව ලැබේ. රැකියා කර්මාන්තවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති කෙරේ. අපල අවමවීමට අක්ෂි රෝගීන්ට පිහිට වන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – අඟහරුවාදා, බදාදා
වෘෂභ – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබගේ අත මිට මුදල් ගැවසෙන සතියක් වන අතර සහජ දක්ෂතාවලට ඉඩකඩ සැලසෙනු ඇත. පදිංචි ස්ථානයේ මඟ හැරී ගිය යම් යම් වැඩ නැවත ආරම්භ කරයි. විශේෂයෙන් මවගේ සහයෝගයද ලැබේ. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබවාදී බවක් ගෙන දෙයි. අපල අවමවීමට කරඳ පැළයක් සිටුවන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – බදාදා, සෙනසුරාදා.
මිථුන – ආර්ථිකය ශක්තිමත්
සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න හා තුන්වැන්න හරහාය. කා සමඟත් සුහදතාවයෙන් ගත කරන්නට හැකි උපේක්ෂාසහගතව ජීවිතය දෙස බලන සතියක් වන අතර වචනයේ ප්‍රිය මනාප බවට අන්‍යයන්ගේ සිත් ඇදෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. ගෙදර දොර ගැටලු බොහෝ දුරට විසඳාගත හැකිය. පුණ්‍ය කටයුතු වෙනුවෙන්ද කාලය කැප කරයි. අපල අවමවීමට කොහොඹ පැළයකට ජලය දමන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා
කටක – දුර බැහර ගමන්
සඳු ගමන් ගන්නේ 12, 1, 2 යන භාවයන් හරහාය. ආරම්භයේ පාඩුවක් හෝ සිත් රිදීමක් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව ජීවිතයට මුහුණ දෙන්න. දුර ගමන් යෙදෙයි. පොදු සාමාජීය හා පුණ්‍ය කටයුතු වෙනුවෙන් හැකි අයුරින් සහභාගිත්වය ඇති කරයි. අතමිට මුදලක් ගැවසෙන සහ වචනයේ හරවත් බවක් ද සති අගදී පෙන්නුම් කරයි. සහනශීලි සතියකි. අපල අවමවීමට කථා කරනවාට වඩා ඇහුම්කන් දෙන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – අඟහරුවාදා, බදාදා
සිංහ – ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායක වේ. ලාභ ප්‍රයෝජන සහිතය. දෙවන තුන්වන දිනවලදී යම්කිසි දෙයක් හෝ කෙනෙක් නිසා කල කිරීමක් ඇති විය හැකි බැවින් මධ්‍යස්ථව සිටින්න. දරා ගැනීමේ ශක්තිය පවත්වා ගන්න. මේ සතියේ ඔබ පොදු සාමාජීය කටයුතු වෙනුවෙන් සහභාගිත්වයක්ද දක්නට ලැබෙයි. දරුවන්ගේ අරමුණු ඉටු වෙයි. අපල අවම වීමට මවට පියාට සලකන්න.
සුබ අංක – 1, 4 / සුබ වර්ණය – තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
කන්‍යා – අරමුණු සපල වේ
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියාවේ වගකීම් හරිහැටි ඉටු කරන්නට සිතයි. ඇවිදිලි වැඩිවේ. දුර ගමන් ද යෙදෙයි. ගෘහ ජීවිතයේ ගැටලු විසඳා ගැනීමට හැකිවේ. කරන කියන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හැකි බැවින් අද කළ යුතු දේ අදම කරන්න. උත්සාහයෙන් සහ බුද්ධිමත්ව අරමුණු සපල කර ගන්න. අපල අවම වීමට කුඩා දරුවනට රැකවරණය දෙන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණය – කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා
තුලා – පුණ්‍ය සිතුවිලි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි පෙර දැරිව ආරම්භ වන සතිය ඔබට යහපත්ය. ගෘහ ජීවිතයේ රැකියාවේ ගැටලු යම් තරමකට අවම වී සිතෙහි සැනසීම ඇති කරයි. බුද්ධිමත්ව කරන සියලු කටයුතු පල දරයි. දුර ගමන් බිමන් යෙදීමට පුළුවන. ඥාති හිතවත් සහ සහෝදර පිරිස්වල උපකාරය ඔබට ලැබිය හැකිය. ආර්ථිකය ශක්තිමත් වේ.
සුබ අංක – 4, 7 / සුබ වර්ණ – සුදු, තැඹිලි / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා
වෘශ්චික – රැකියා ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය සුබ නොවේ. කනගාටුදායක පුවත් සැලවිය හැකිය. ඉන් පසු දින කිහිපය යහපත්ය. රැකියා ව්‍යාපාර වෙනුවෙන් වෙහෙසෙන ලාභ ආදායම් ලබන්නට හැකි තත්ත්වයක් උදා කර දෙයි. පුණ්‍ය කටයුතුවලට ද මූලිකත්වයක් ගෙනදෙයි. පදිංචි ස්ථානයේ ගෙදර දොර යහපත වෙනුවෙන් බරපැන දරයි. අපල අවමවීමට ඉවසීම මැදිහත් බව ඇතිව කටයුතු කරන්න.
සුබ අංක 2,7 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – සෙනසුරාදා, අඟහරුවාදා
ධනු – යහපත් සතියකි
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් හරහාය. කරන කියන රැකියා සහ පොදු වැඩවලදී ඔබට ප්‍රශංසා හිමිවේ. රැකියා මෙන්ම ව්‍යාපාර කටයුතුවල ප්‍රගතියක් ඇති කරගත හැකියි. උනන්දුවන්න. අන්‍යයන් විසින් කියන කරන සියලු දේ උපේක්ෂා සහගතව අධ්‍යයනය කරන්න. ඒ කිසිවකටත් ආවේගශීලී නොවී ඉවසීම ඇතිව තමාගේ කටයුතු දියුණු කර ගැනීමට හැකි සුබ සතියක් බව සිතන්න. අපල අවමවීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 3, 5/ සුබ වර්ණ – කොළ, තැඹිලි / සුබ දවස් – ඉරිදා, බදාදා
මකර – මිශ්රපල ගෙනදෙයි
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. සතුරු වී සිටි අය මිතුරු විය හැකි මේ සතිය තුළ ඔබගේ ව්‍යාපාර අංශ දියුණු කර ගැනීමට හැකියාවක් ඇත. බොහෝ දුරට ඇවිදිලි වැඩ මෙන්ම අපහසුතා විඳ දරා ගැනීමට සිදුවේ. ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට කැප කිරීම් කළ යුතුවේ. අන්‍යයන් කෙරෙහි සේවකයන් කෙරෙහි කරුණාවෙන් බලන්න. අපල අවමවීමට ආගමික නැඹුරුව තුළින් හැකිවේ.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – සුදු, රතු / සුබ දවස් – බදාදා, සිකුරාදා
කුම්භ – දරුවන්ගේ ජයග්‍රහණ
සඳු ගමන් ගන්නේ 5, 6, 7යන භාවයන් මතිනි. දරුවන් පිළිබඳ තිබෙන බොහෝ අපේක්ෂා සපල කර ගැනීමට හැකිය. ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව සතුටු විය හැකියි. කරන කියන ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි නිසා උනන්දුව කැපවීම අත්‍යවශ්‍ය වේ. අලස නිදිමත ගති පෙන්නුම් කරන අතර අසනීපද ඇති විය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද උනන්දු වන්න.
සුබ අංකය – 9 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – බදදා, සිකුරාදා
මීන – මා පිය දූ දරු සබඳතා
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු පිළිවෙළින් පිරිසුදුවටත් කිරීමට උනන්දු වන අතපසු වී තිබූ වැඩ නැවත ආරම්භ කරන සතියකි. මා පිය දූ දරු සබඳතා වැඩි වර්ධනය කරන දෙමාපියන්ගේ අගය දරුවන්ට වඩා වටහා දෙන ග්‍රහ බලයක් පවතී. සතුරු වී සහ අමනාපයෙන් සිටි අය නැවත මිතුරු විය හැකි බැවින් ආශ්‍රය කිරීමේදී මධ්‍යස්ථ වන්න. අපල අවමවීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා