ඔබ උපන්නේ ඕනෑම මාසයක 6,15,24, යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 6 යි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ජන්ම අංක 6 හිමි ඔබගේ උපන් දිනයට අදාල ජය සංකේත පිළිබඳව දැනුවත් කිරීමටයි. ඔබගේ උපන් දිනයට අදාල ජය සංකේත භාවිතාකිරීම තුළ සාර්ථකත්වයත් ජයග්‍රහණයත් අත්පත් කර ගැනීමට පහසුවෙන්ම හැකියාවක් පවතිනවා. මේ පිළිබඳව ඔබ උනන්දු වන කෙනෙක් නම් ඔබට මෙය ඉතා වැදගත් වෙන අතර මෙම කාරණාවන් අනුගමනය කිරීම තුළ ඔබේ කටයුතු සාර්ථකත්වයට පත්කර ගන්නට ඔබට පහසුවක් සැලසේවි.
ජන්ම අංක 06 හිමියන් බොහෝ විට අඩු වයසින් විවාහ දිවියට පත් වනු පෙනෙයි. ජන්ම අංක හයෙන් උපන් ඔබට ජන්ම අංක 3, 6, 9 අංකවල අය යහපත් විවාහයක් සඳහා ඉතාම ගැළපෙන අතර ඕනෑම මාසයක 12, 15, 18, 21, 27, 30 දිනවල ඉපදුණු අය ද වඩාත් ගැළපෙයි.
විසිතුරු ඇඳුම් පැලඳුම් යාන වාහන රසවත් ආහාර ආදියට ඉතාමත් ප්‍රිය කරන මොවුන් තම ගෙදර දොර සහ ගෘහ භාණ්ඩ ආදිය ද ඉතා පිළිවෙළට ලස්සනට තබා ගැනීමට ආසා කරයි. ජීවිතයේ අවුරුදු 24 සහ 42 යන වයස් ඉතාමත් වැදගත් වන අතර සාර්ථකත්වයට මග පාදා ගත හැකි වර්ෂයන් වේ.
මුදල් අතින් මොවුන් ඉතාමත් වාසනාවන්ත වෙන අතර බලාපොරොත්තු නොවන අවස්ථාවල මුදල් වාසි ලැබීමේ හැකියාව පවතී. විවාහයෙන් ද වත් පෝසත්කම් හා ධනය ලැබීමට මඟ පාදයි. ගෙවල් දොරවල් ඉඩකඩම් ලැබීමේ වාසනාව පවතී.
කලාවට සම්බන්ධ වෘත්තීන් සහ ව්‍යාපාර ගැළපෙන අතර නිර්මාණාත්මක දේවලින් ද මුදල් ඉපයීමේ හැකියාව ඇත. ගෙවල් දොරවල් නිර්මාණාත්මකව සැලසුම් කිරීමට අදාළ රැකියා ඒ වගේම ගොඩනැඟිලි ක්ෂේත්රයේ රැකියා, හෝටල් ක්ෂේත්රය, පොත්පත් වෙෙළඳාම, විසිතුරු භාණ්ඩ වෙළඳාම රූපලාවන්‍ය අංශය, ප්ලාස්ටික් භාණ්ඩ, ආදී වෙෙළඳ ව්‍යාපාර මෙන්ම ගුරු වෘත්තිය, නීතිඥ වෘත්තිය, ඉංජිනේරු අංශය ආදී ක්ෂේත්රවල රැකියාවන්ද වඩාත් පලදෙයි. ඔබගේ ජයග්‍රාහී සාර්ථකත්වය ඇති කරන වර්ෂයන් විදිහට වයස අවුරුදු 15, 18, 24, 27, 33, 42, 51, 60, 69 යන වර්ෂයන් සඳහන් කළ හැකිවේ.
යහපත් ව්‍යාපාර සබඳතා සහ හිත මිත්‍ර සම්බන්ධතා සඳහා ජන්ම අංක 3, 6, 9 වන අය ඔබට වඩාත් ගැළපේ.
ජන්ම අංක 06න් උපන් ඔබට පහසුවෙන් ඇති කළ හැකි රෝගාබාධ වශයෙන් පෙණහලු ආශ්රිත රෝගාබාධ, ස්නායු ආබාධ, පපුව ආශ්රිත අසනීප, මුත්‍රා ආබාධ, සෙම රෝග, මල බද්ධය, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය. එමෙන්ම අධික තෙල් සහිත ආහාර, උෂ්ණ ආහාර, අධික ලුණු සහිත සහ මිරිස් සහිත ආහාරවලින් හැකි තරම් ඈත් වීම සෞඛ්‍යයට ඉතාමත් හිතකර බව මතක තබා ගත යුතුය.
ඔබට වාසනාව ගෙනදෙන වර්ණ වන්නේ ළා නිල් වර්ණය, කහ වර්ණය, රෝස පාට වර්ණය සහ සුදුපාට වර්ණයයි. එමෙන්ම කළු වර්ණය සහ දම්පාට වර්ණය අසුබයි.
ඔබට ඕනෑම මාසයක 6, 15, 24 සහ 3, 9, 12, 18, 21, 27, 30 යන දිනයන් ඉතාමත් වාසනාවන්ත සුබ වන අතර බදාදා සිකුරාදා හා සඳුදා වාසනාවන්ත දවස් වේ.
ඔබට අප්‍රේල් මස 20 සිට මැයි මස 20 දක්වාත් සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 21 දක්වාත් කාලය යහපත් වෙන අතර අප්‍රේල් මාසයේ දහ නවය දක්වා සහ ඔක්තෝබර් නොවැම්බර් මාස එතරම් යහපත් නැත.
ප්ලැටිනම් ලෝහය ඔබට සුබ ලෝහයක් වන අතර එයින් වළල්ලක් හෝ මුදුවක් පැලඳීම හොඳයි. එම ලෝහයෙන් අංක විද්‍යා යන්ත්‍රයක් මුදුවක පැලඳිම ද යහපත් වේ.
ඔබ මිලදී ගන්නා වාහනයේ අංකය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු 3, 6, 9 වේ නම් ඉතාමත් යහපත්.
ඕනෑම මාසයක 7, 16, 25 යන දිනයන්වල ඉපදුණු ඔබගේ ජය සංකේත පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක