Home » සෞභාග්‍ය නොව­ර­දවා උදා කරන බ්‍රහ්ම මන්ත්‍රය

සෞභාග්‍ය නොව­ර­දවා උදා කරන බ්‍රහ්ම මන්ත්‍රය

by Mahesh Lakehouse
December 14, 2024 12:29 am 0 comment

ඔබේ සක­ල­විධ ජය­ග්‍ර­හ­ණ­යන් උදෙසා පුරා­ණයේ අපේ ජන සමා­ජය විසින් ඉතා රහ­සි­ග­තව පාවිච්චි කරන ලද ඉතා සරල එහෙත් මහා­නු­භාව සම්පන්න ප්‍රති­ඵල සහ ගුණ ඉතා ඉක්ම­නින් ලබා දෙන තවත් මහා ‘බ්‍රහ්ම මන්ත්‍ර­යක්’ මම අද ඔබට ඉදි­රි­පත් කරමි.

මේ මන්ත්‍ර­ව­ලට දීර්ඝ ඉති­හා­ස­යක් ඇති අතර එසේම අනා­දි­මත් කාල­යක සිට මේවා පැවත එන රහස් මන්ත්‍ර විශේ­ෂ­යක් බව මනාව අව­බෝ­ධ­යට ගත යුතුය. මෙහි පහත සඳ­හන් ‘බ්‍රහ්ම මන්ත්‍රය’ ඔබත් නිර­තුරු අත්හදා බලා ඔබේ කාර්යබහුල දිවි පෙවෙතේ අනේ­ක­විධ ගැටලු සහ ප්‍රශ්න­ව­ලින් අත්මි­දී­මට උත්සාහ කරන්න. මෙය ඔබේ මාන­සික සුවය උදෙ­සාද ඉතාම වැද­ග­ත්වන අතර ජීවි­තයේ දුක් කම්ක­ටොලු වැළැක්වී­මට මෙය අතිසාර්ථක ප්‍රති­ක­ර්ම­යක් බව මම ඉතා ඕනෑ­ක­මින් යුතුව ඔබට ප්‍රකාශ කරන්නේ වගකීමක් ඇති­වය.

මන්ත්‍රය

නමෝ කලා මාලේ ඒස්වාහඃ
නමෝ සඳ­රාජ මණ්ඩලේ ඒස්වාහඃ
ඕං නමෝ වර රාජ මණ්ඩලේ ඒස්වාහඃ
නමෝ සුර රාජ නාග දේව­තාවා වර මණ්ඩලේ ඒස්වාහඃ
ඕං නමෝ මැණික් අස්නේ තමාගේ සර්වාංගේ දිෂ්ටි
වර වර ඒස්වාහඃ
ඕං නමෝ සුර දිෂ්ටි අසුර දිෂ්ටි නාග­පත්‍ර කාලි දිෂ්ටි
වර වර උල්ලාල දිෂ්ටි වර වර ඒස්වාහඃ

ඉහත දැහැන් හත සහිත මන්ත්‍රය ඕනෑම කාර­ණා­වක් සඳහා ඔබ නි‌ෙව­සින් පිටවීමට පෙර එක් වරක් හෝ කීම ඉතාම හොඳයි. එසේ නොමැති නම් අවශ්‍ය ප්‍රමා­ණ­යෙන් තැඹිලි තෙලට මතුරා තිලක දීමෙන් කළ හැකිය. මෙම මන්ත්‍ර ඛණ්ඩ­ව­ලට පරි­වාර මන්ත්‍ර සහාය අවශ්‍ය නොවේ. ඒ නිසාම සමා­ජයේ ඕනෑම කෙනෙ­කුට මෙය ඉතාම පහ­සු­වෙන් සිදු කළ හැකිය. කෙසේ නමුත් ඉතා විශ්වා­ස­යෙන් යුතුව දින­පතා සිදු කිරී­මෙන් අභි­වෘ­ද්ධි­යද ඔබේ යට­පත් වුණ වාස­නා­වද ඔබ නොදැ­නීම ඉස්මතු වනු ඇත. මෙය ගුප්ත ශාස්ත්‍රයේ එන ඉතාම සරල ක්‍රම­වේදයක් නිසා ඕනෑම අය­කුට ඉතා පහ­සු­වෙන් මෙම මන්ත්‍රය භාවිත කළ හැකිය.

හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division