අපි බඹර කන්ද නැරඹීමට ගියෙමු
පසුගිය නිවාඩු කාලයේ අපි බඹර කන්ද දිය ඇල්ල නැරඹීමට ගියෙමු. අප පාන්දර තුනට පමණ නිෙවසෙන් පිටත් වුණේ ඉතා සතුටිනි. දහවල් වන විට අපි බඹර කන්ද දිය ඇල්ල වෙත ළඟා වුණෙමු. බඩ ඉරිඟු කරල් කමින් ටිකෙන් ටික දිය ඇල්ල වෙත ළඟා වන විට අපට එහි මිහිරි නාදය ඇසුනි.
එය ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල බව අම්මා පැවැසූවාය. දිය ඇල්ලේ අසිරියෙන් මම වශී වුණෙමි. ගල්පර මත සිට අපි ඡායාරූප ගත්තේ මහත් සතුටෙනි. සංචාරකයෝ විශාල පිරිසක් එය නැරඹීමට පැමිණ සිටියහ.
පහළට ඇද හැලෙන දිය ඇල්ල පෙණ පිඬු නංවමින් ගල්පර අතරින් ගලා යන දෙස මම සතුටින් බලා සිටියෙමි. බොහෝ වේලා දිය ඇල්ල අසල රැඳෙමින් එහි විසිතුරු බව බලා සිටි මම ඉන් පිටවූයේ මහත් දුකකිනි.
සෙනුක් නෙත්සිතු ජයවර්ධන
4 ශ්‍රේණිය ‘ඒ‘ අංක 01 කනිෂ්ඨ විද්‍යාලය
පිළියන්දල
ගෙවත්ත පිරිසිදු කරගමු
උදෑසනින් අවදි වී අපි අපේ නිවෙස අවට පිරිසිදු කරන්නට පුරුදු වෙමු. මිදුලේ වල් ගස් උදුරා දමා මල් ගස් සිටුවා හැඩට තබා ගනිමු.
කැලි කසල වර්ග කර පිළිවෙළකට පිළිවෙළකර ඉවත දමන්නට හුරුවෙමු. ඒ කියන්නේ අප නිවෙසේ එකතු වන කැළි කසළ දිරණ හා නොදිරණ ද්‍රව්‍ය වශයෙන් වෙන් කර එකතු කිරීමය. එවිට මේවා ඉවත ප්‍රතිචක්‍රීය කිරීමට පහසුය. අප බොහෝ විට හුරුව සිටින්නේ ඉවතලන දෑ අතට හසුවන ඕනෑම තැනක විසිකර දමන්නටය. නමුදු කැළි කසළ ඉවත් කිරිම පිළිවෙළකට කරන්නට හුරු වියයුතු හොඳම තැන නිවෙසය.
මුළුතැන්ගෙයි ආහාර පිසීමට ගන්නා එළවළුවල කොටස්, පොල්කුඩු ආදිය කොම්පෝස්ට් බදුනට දැමීමට හැකිය. මිදුගේ ගහකොළවල කොටස් ද ඊට එක්කල හැකිය. එවිට එය සතියට දෙවතාවක් කොම්පෝස්ට් බඳුන හොඳින් කළවම් කර එළවළු මල් වගාවන් සඳහා යොදා ගැනීමට පුළුවන. ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බාල්දී ආදියේ එළවළු, විසිතුරු මල් සිටුවා ගැනීමට පුළුවන. එයින් මිදුලට යම් හැඩයක් ද ලැබෙනු ඇත.
සනුමි සිතුලිමා රණසිංහ
9 ශ්‍රේණිය, රාජකීය විද්‍යාලය, හොරණ.
බූලයි මමයි
එකෝමත් එක කාලෙක පූස් පැටියෙක් හා බලු පැටියෙක් හිටියා. පූස් පැටියගෙ නම කීටි. බලු පැටිගෙ නම බූලා. මෙයාලා හරිම යාළුයි. එක දවසක් බලු පැටියා කිව්වා “කිරිබොන තරගයක් තියමු“ කියලා. කිටියත් ඒකට කැමැති වුණා.
ඔන්න තරගය තියෙන දවස උදා වුණා. බූලටයි කිටියටයි කිරි වීදුරු දෙකක් ලැබුණා. බූලට කලින් කිටියා කිරි වීදුරුව බීලා ඉවර කළා. ඒ නිසා කිටියට තරගයේ ජයග්‍රහණය ලැබණා. කිටියා තරගය ජයගත් නිසා බූලා ලස්සන මල් පොකුරක් කිටියට තෑගි කළා. බූලයි කිටියයි කිරි බීමේ තරගය විනිශ්චය කරන්න ආරාධනා ලැබ එතැනට පැමිණි වඳුරු හාමි යාළුවෝ දෙන්නා දිහා හිනාවෙවි බලාගෙන හිටියා.
කේ. එම්. ගීතාවි සෞභාග්‍යා
6 ශ්‍රේණිය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලය,
මතුගම.
සුන්දර උදෑසන
රාත්‍රී අඳුර ක්‍රමයෙන් පළවා හරිමින් හිරු හරි ලස්සනට අපේ මිදුලට එබෙයි. රාත්‍රියේ වැටුණ පිනි කැට සිහින් හිරු රැස් වැටිමෙන් වියැකි යයි. රාත්‍රි අහස සැරසු හඳ දැන් අහසේ පෙනෙන්නට නැත.
හිරු රැස් වැටීමෙන් පුංචි පුංචි මල් හිනැහෙන්නට පටන් ගනී. කුරුල්ලෝ අමුතුම ප්රෙබා්ධයකින් ගසින් ගසට පියඹා යමින් දවස අරඹයි. සමනල්ලු මී මැස්සෝ අටපෙතියා දාස් පෙතියා මල් අතර පියඹා යමින් පැණි උරති.
ගොවියෝ නියරවල් දිගේ සිය කුඹුරු වලට යති. වැඩිහිටියෝ රැකියා බලා පිටත්ව යති.
මේ නිවාඩු කාලයේ පුංචි අපි උදෑසනම පරිසර අසිරිය විඳින්නෙමු.
ආර්. එස්. කේ. සිදංග පන්සිළු
6 ශ්‍රේණිය ‘ඩී‘
විද්‍යාලෝක විද්‍යාලය,
ගාල්ල.
පුංචි ළමයිනේ
කඳුහෙල් අතරින් නැෙඟනා
උදා හිරු ඔබයි
වන පෙත අතරින් ගලනා
සිසිල් දිය ඔබයි
සමගිව සැමදා සිටිනා
තුරුලතා ඔබයි
අපේ උරුම රැක ගන්නට
සිටින පුත ඔබයි…
හිමෙත් අබේසිංහ
5 සී ශ්‍රේණිය,
ඩී. ඇස්. සේනානායක විද්‍යාලය,
කොළඹ 07.
සිරි ලංකා දීපේ
ඕලු නෙළුම් පිපී වැනේ
පිනි බිඳු මල් සේ දිලිසේ
කුරුලු නාද හිමිදිරියේ
සිරි ලංකාදීපේ…
අනුරපුරේ වැඩ සිටිනා
ශ්‍රී මහා බෝධිය වඳිනා
සුවඳ පැනින් මලින් පුදන
සිරි ලංකාදීපේ…
රැක ගත යුත්තෙත් අපිමය
විදගත යුත්තෙත් අපිමය
පුංචි අපේ මුතු ඇටයයි
සිරි ලංකාදීපේ…
කේ. කේ. අචලි ආකර්ෂා
5 ශ්‍රේණිය, වැයිහේන විද්‍යාලය,
බද්දේගම.