Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
December 14, 2024 12:29 am 0 comment

අපි බඹර කන්ද නැර­ඹී­මට ගියෙමු

පසු­ගිය නිවාඩු කාලයේ අපි බඹර කන්ද දිය ඇල්ල නැර­ඹී­මට ගියෙමු. අප පාන්දර තුනට පමණ නි‍ෙව­සෙන් පිටත් වුණේ ඉතා සතු­ටිනි. දහ­වල් වන විට අපි බඹර කන්ද දිය ඇල්ල වෙත ළඟා වුණෙමු. බඩ ඉරිඟු කරල් කමින් ටිකෙන් ටික දිය ඇල්ල වෙත ළඟා වන විට අපට එහි මිහිරි නාදය ඇසුනි.

එය ශ්‍රී ලංකාවේ උසින් වැඩිම දිය ඇල්ල බව අම්මා පැවැ­සූ­වාය. දිය ඇල්ලේ අසි­රි­යෙන් මම වශී වුණෙමි. ගල්පර මත සිට අපි ඡායා­රූප ගත්තේ මහත් සතු­ටෙනි. සංචා­ර­කයෝ විශාල පිරි­සක් එය නැර­ඹී­මට පැමිණ සිටි­යහ.
පහ­ළට ඇද හැලෙන දිය ඇල්ල පෙණ පිඬු නංව­මින් ගල්පර අත­රින් ගලා යන දෙස මම සතු­ටින් බලා සිටි­යෙමි. බොහෝ වේලා දිය ඇල්ල අසල රැඳෙමින් එහි විසි­තුරු බව බලා සිටි මම ඉන් පිට­වූයේ මහත් දුක­කිනි.

සෙනුක් නෙත්සිතු ජය­ව­ර්ධන
4 ශ්‍රේණිය ‘ඒ‘ අංක 01 කනිෂ්ඨ විද්‍යා­ලය
පිළියන්දල


ගෙවත්ත පිරි­සිදු කර­ගමු

උදෑ­ස­නින් අවදි වී අපි අපේ නිවෙස අවට පිරි­සිදු කර­න්නට පුරුදු වෙමු. මිදුලේ වල් ගස් උදුරා දමා මල් ගස් සිටුවා හැඩට තබා ගනිමු.

කැලි කසල වර්ග කර පිළි­වෙ­ළ­කට පිළි­වෙ­ළ­කර ඉවත දම­න්නට හුරු­වෙමු. ඒ කියන්නේ අප නිවෙසේ එකතු වන කැළි කසළ දිරණ හා නොදි­රණ ද්‍රව්‍ය වශ­යෙන් වෙන් කර එකතු කිරී­මය. එවිට මේවා ඉවත ප්‍රති­ච­ක්‍රීය කිරී­මට පහ­සුය. අප බොහෝ විට හුරුව සිටින්නේ ඉව­ත­ලන දෑ අතට හසු­වන ඕනෑම තැනක විසි­කර දම­න්න­ටය. නමුදු කැළි කසළ ඉවත් කිරිම පිළි­වෙ­ළ­කට කර­න්නට හුරු විය­යුතු හොඳම තැන නිවෙ­සය.

මුළු­තැන්ගෙයි ආහාර පිසී­මට ගන්නා එළ­වළුවල කොටස්, පොල්කුඩු ආදිය කොම්පෝස්ට් බදු­නට දැමී­මට හැකිය. මිදුගේ ගහ­කොළවල කොටස් ද ඊට එක්කල හැකිය. එවිට එය සති­යට දෙව­තා­වක් කොම්පෝස්ට් බඳුන හොඳින් කළ­වම් කර එළ­වළු මල් වගා­වන් සඳහා යොදා ගැනී­මට පුළු­වන. ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බාල්දී ආදියේ එළ­වළු, විසි­තුරු මල් සිටුවා ගැනී­මට පුළු­වන. එයින් මිදු­ලට යම් හැඩ­යක් ද ලැබෙනු ඇත.

සනුමි සිතු­ලිමා රණ­සිංහ
9 ශ්‍රේණිය, රාජ­කීය විද්‍යා­ලය, හොරණ.


බූලයි මමයි

එකෝ­මත් එක කාලෙක පූස් පැටි­යෙක් හා බලු පැටි­යෙක් හිටියා. පූස් පැටි­යගෙ නම කීටි. බලු පැටිගෙ නම බූලා. මෙයාලා හරිම යාළුයි. එක දව­සක් බලු පැටියා කිව්වා “කිරි­බොන තර­ග­යක් තියමු“ කියලා. කිටි­යත් ඒකට කැමැති වුණා.
ඔන්න තර­ගය තියෙන දවස උදා වුණා. බූල­ටයි කිටි­ය­ටයි කිරි වීදුරු දෙකක් ලැබුණා. බූලට කලින් කිටියා කිරි වීදුරුව බීලා ඉවර කළා. ඒ නිසා කිටි­යට තර­ගයේ ජය­ග්‍ර­හ­ණය ලැබණා. කිටියා තර­ගය ජය­ගත් නිසා බූලා ලස්සන මල් පොකු­රක් කිටි­යට තෑගි කළා. බූලයි කිටි­යයි කිරි බීමේ තර­ගය විනි­ශ්චය කරන්න ආරා­ධනා ලැබ එතැ­නට පැමිණි වඳුරු හාමි යාළුවෝ දෙන්නා දිහා හිනා­වෙවි බලා­ගෙන හිටියා.

කේ. එම්. ගීතාවි සෞභාග්‍යා
6 ශ්‍රේණිය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නං­ගර මහා විද්‍යා­ලය,
මතු­ගම.


සුන්දර උදෑ­සන

රාත්‍රී අඳුර ක්‍රම­යෙන් පළවා හරි­මින් හිරු හරි ලස්ස­නට අපේ මිදු­ලට එබෙයි. රාත්‍රියේ වැටුණ පිනි කැට සිහින් හිරු රැස් වැටි­මෙන් වියැකි යයි. රාත්‍රි අහස සැරසු හඳ දැන් අහසේ පෙනෙ­න්නට නැත.

හිරු රැස් වැටී­මෙන් පුංචි පුංචි මල් හිනැ­හෙ­න්නට පටන් ගනී. කුරුල්ලෝ අමු­තුම ප්‍ර‌ෙබා්ධ­ය­කින් ගසින් ගසට පියඹා යමින් දවස අර­ඹයි. සම­නල්ලු මී මැස්සෝ අට­පෙ­තියා දාස් පෙතියා මල් අතර පියඹා යමින් පැණි උරති.
ගොවියෝ නිය­ර­වල් දිගේ සිය කුඹුරු වලට යති. වැඩි­හි­ටියෝ රැකියා බලා පිටත්ව යති.
මේ නිවාඩු කාලයේ පුංචි අපි උදෑ­ස­නම පරි­සර අසි­රිය විඳි­න්නෙමු.

ආර්. එස්.‍ කේ. සිදංග පන්සිළු
6 ශ්‍රේණිය ‘ඩී‘
විද්‍යා­ලෝක විද්‍යා­ලය,
ගාල්ල.


පුංචි ළම­යිනේ

කඳු­හෙල් අත­රින් නැ‌ෙඟනා
උදා හිරු ඔබයි
වන පෙත අත­රින් ගලනා
සිසිල් දිය ඔබයි
සම­ගිව සැමදා සිටිනා
තුරු­ලතා ඔබයි
අපේ උරුම රැක ගන්නට
සිටින පුත ඔබයි…

හිමෙත් අබේ­සිංහ
5 සී ශ්‍රේණිය,
ඩී. ඇස්. සේනා­නා­යක විද්‍යා­ලය,
කොළඹ 07.


සිරි ලංකා දීපේ

ඕලු නෙළුම් පිපී වැනේ
පිනි බිඳු මල් සේ දිලිසේ
කුරුලු නාද හිමි­දි­රියේ
සිරි ලංකා­දීපේ…
අනු­ර­පුරේ වැඩ සිටිනා
ශ්‍රී මහා බෝධිය වඳිනා
සුවඳ පැනින් මලින් පුදන
සිරි ලංකා­දීපේ…
රැක ගත යුත්තෙත් අපි­මය
විද­ගත යුත්තෙත් අපි­මය
පුංචි අපේ මුතු ඇට­යයි
සිරි ලංකා­දීපේ…

කේ. කේ. අචලි ආකර්ෂා
5 ශ්‍රේණිය, වැයි­හේන විද්‍යා­ලය,
බද්දේ­ගම.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division