Home » කඩුගන්නාවේ ‘මඩරන්ගොඩ’ට ලියුම් පෙට්ටියක් ඕනෑ

කඩුගන්නාවේ ‘මඩරන්ගොඩ’ට ලියුම් පෙට්ටියක් ඕනෑ

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

කඩුගන්නාව නගර සභා බලප්‍රදේශයේ මඩරන්ගොඩ මංසන්ධියේ ‘ලියුම් පෙට්ටිය’ මෙතෙක් සවිකර තිබූ වෙළඳසල සහිත ඉඩම වෙනත් අයෙකු විසින් මිලදී ගැනීම නිසා ලියුම් පෙට්ටිය ඉවත් කර ඇත.

මේ නිසා මඩරන්ගොඩ වසමේ හා පල්ලේගම, පුවක්ගහකුඹුර යන ගම්වල ජනතාවට ලියුම් පෙට්ටියක් නොමැතිකමින් ලියුම් තැපැල් කිරීම දුෂ්කර කාර්යයක්ව පවතී.

ඒ නිසා ලියුම් තැපැල් කිරීම සඳහා කඩුගන්නාව, හේනාවල හෝ ඉළුක්වත්තට යාමට මඩරන්ගොඩ අවට ගම්වාසීන්ට සිදුව ඇත.

එබැවින් ‘මඩරන්ගොඩ’ට කඩිනමින් ලියුම් පෙට්ටියක් ලබාදීමට කඩුගන්නාව තැපැල් ස්ථානාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු අතර එය මඩරන්ගොඩ ග්‍රාම නිලධාරි කාර්යාලයද සහිත මඩරන්ගොඩ ප්‍රජා ශාලාවේ සවි කළ හැකි බවද පෙන්වාදෙනු කැමැත්තෙමි.

හිඳගල රත්නායක – කඩුගන්නාව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division