Home » නීතිය නවමින් පවත්වාගෙන යන පන්නිපිටියේ අවන්හල

නීතිය නවමින් පවත්වාගෙන යන පන්නිපිටියේ අවන්හල

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

පන්නිපිටිය පරණ පාරේ පිහිටි එක්තරා අවන්හලක මෑතක සිට පහළ මාලයේ මත්පැන් සිල්ලරට විකිණීමේ සුරා සැලක් පවත්වා ගෙන යයි. එසේම එහි පහළ මාලයේ ද මත්පැන් බීමට සහ පිටට රැගෙන යා හැකි සුරා සැලක් වෙනත් පුද්ගලයකු හට කුලී පදනම මත බදු දී තිබේ.

මෙම සුරා සැල උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන අතර ඉහළ මාලයේ කරගෙන යනු ලබන සුරා අවන්හල උදෑසන 8.00 සිට හිමිදිරි පාන්දර 4.00 දක්වාම විවෘතව තැබේ. මෙය අලුයම 4.00 දක්වා විවෘතව තැබෙන කොළඹ දිස්ත්‍රික්කයේ ඇති එකම මත්පැන් අවන්හල ලෙස ප්‍රසිද්ධව ඇත.

මෙලෙස එකම ස්ථානයක මත්පැන් විකිණීමට සහ පරිභෝජනය කිරීමට ස්ථාන දෙකක් ස්ථාපිත කළ හැකි ද? ඒ සඳහා මත්පැන් බලපත්‍ර 02 ක් නිකුත් කර ඇති ද යන්න ප්‍රදේශ වාසින්වන අප අදාළ බලධාරීන්ගෙන් දැනගැනීමට කැමැත්තෙමු.

එමෙන්ම පහළ මාලයේ විවෘත කර තබන වේලාව නීත්‍යනුකූල වුව ද ඉහළ මාලයේ මත්පැන් හල විවෘත කිරීමෙන් පසු අලුයම දක්වා පවත්වාගෙන යාමට සුරා බදු බලපත්‍රය යටතේ අවසර දී ඇති ද යන්නත් අප දැනගැනීමට කැමැත්තෙමු.

මෙහි තිබෙන ගැටලුව වන්නේ මෙම අවන්හල් 02 පිහිටි ස්ථානයේ සිට මීටර් 500 ක් ඇතුළත ප්‍රධාන විදුහලක්, විහාරස්ථානයක්, දහම් පාසලක් ද පිහිටා තිබීමයි.

පසුගිය කාලයේ පැවති විවිධ රජයන්වල දේශපාලකයන්ගේ අනුග්‍රහය මත මෙම මත්පැන් හලේ රථගාල වශයෙන් ඊට ආසන්න දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක්ද භාවිත කරයි.

මෙම අවන්හල රජයේ නීතිරීතිවලට පටහැණිව පවත්වාගෙන යාමට මහරගම පොලිසියේ සමහර නිලධාරීන්ගෙන් නොමඳ සහයක් ලැබෙන බව අපට හැඟී යන්නේය.

මෙම අවන්හලේ යම්කිසි සිද්ධියක් වූ විට පොලිස් දෙපාර්තමේන්තුවට, සුරා බදු දෙපාර්තමේන්තුවට පසුගිය වසර ගණනාවක් පුරා පැමිණිලි කළ ද කිසිම සාධාරණයක් ඉටු වූයේ නැත. මේ රජය යටතේ ද අප අදාළ ආයතනවලට දුරකතන ඇමතුම් දීමෙන් පැමිණිලි කළ ද අප හට සාධාරණයක් ඉටු වූයේ නැත.

නීතිය පිළිබඳව ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට නම් මෙවැනි රජයේ නීති කඩ කරමින් රජයේ නිලධාරින්ට අල්ලස් ලබා දෙමින් කරන දූෂණ වංචාවලට තිත තැබිය යුතුය.

පත් වූ නව රජයේ පොලිස්පතිතුමන්, සුරාබදු කොමසාරිස්තුමන් ඇතුළු සාධාරණ සමාජයක් අගයන නීතිය යුක්තිය ගරු කරන පුරවැසියන් හට නීතියේ හා විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

පන්නිපිටිය -අශෝක්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division