අමරපුර මහා නිකායේ මහානායක ශ්‍රී සන්නස්පත්‍ර ප්රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී අමරපුර මහා නිකායේ සොළොස්වන මහානායක ධුරයට පත්වූ ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස මාහිමියන්ට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සන්නස්පත්‍රය පිළිගැන්වූ අයුරු.
මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා, හිටපු කථානායක දේශබන්ධු කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන, අමරපුර නිකායවෘද්ධි දායක සභාවේ සභාපති අජිත් ද සොයිසා මහත්වරුන් ඇතුළු පූජනීය සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය :- මැදකොළඹ සමූහ ඒ. ගනේගොඩ