වත්මන් රජය යටතේ කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය සිකුරාදා (13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළ බව පැවසූ ජනාධිපතිවරයා කුමන වගකීම් දරන්නකු වුවත් වරදක් කර ඇත්නම් ඊට නිසි ක්‍රියා මාර්ග ගන්නා බවද පැවසීය.
රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට ආණ්ඩුව සූදානම් නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.