බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශ සභාව සංවිධානය කළ, 2024 – වර්ෂයේ රාජ්‍ය චිත්‍ර හා මූර්ති සම්මාන උලෙළ, ඉකුත් දෙවන දින (02) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
සම්මාන ප්රදානෝත්සවය ආරම්භයේදී, ශ්‍රී ලාංකේය චිත්‍ර හා මූර්ති කලාවේ ප්රගමනය උදෙසා විශිෂ්ට සේවාවක් ඉටුකළා වූ සෝලියස් මැන්දිස්, මංජු ශ්‍රී, ජෝර්ජ් කීට්, අයිවන් පීරිස්, ජේ.ඩී.ඒ. පෙරේරා, නාවී සමරවීර, ඒ.කේ.වී විජේසේකර, කිව්. වී. සල්දීන්, සුමන දිසානායක, ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ, එස්.වී. චාර්ල්ස්, නොයෙලින් ප්‍රනාන්දු සහ සිබිල් වෙත්තසිංහ ආදී සුලවතුන් සිහි කරමින් මොහොතක නිහඬතාවක් පැවැත්විණ.
මෙම උත්සවයේ ප්‍රදාන අමුත්තා ලෙස සහභාගී වූ, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘත කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ප්රදානය කරන අයුරු සහ එම අවස්ථාවට සහභාගී වූ, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ඒ.එම්.ජී.බී. අතපත්තු, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ යසින්තා ගුණවර්ධන,
රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි පෙරේරා යන සහභාගි වූහ.
සම්මාන ප්‍රධාන පළමු අවස්ථාවේදී, චිත්‍ර හා මූර්ති කලාකරුවෙකුට ජීවිතයේ එක් වරක් පිදෙන, “දෘශ්‍ය කලා අභිමානී සම්මානය”, එස්. එච් සරත් චිත්‍ර ශිල්පියාට පිරිනමන ලදී.
ඒ පැරණි ශිල්පීන්ගේ නූතන පරපුර නියෝජනය කරන, රාජ්‍ය දෘෂ්ටිකලා උපදේශ සභාව හා විනිශ්චය මණ්ඩලයේ ඇගයිමට යොමු වුණු, ආලේක්‍ය චිත්‍ර, භූමි දර්ශන චිත්‍ර සහ නිර්මාණාත්මක සම්පින්ඩන චිත්‍ර යන අංශයන්ගෙන් කුසලතා සහතික ලැබූ දස දෙනෙකුට, දෙවන අදියරේ මූල්‍ය ත්‍යාගය ප්රදානය කෙරිණ.
එහි තෙවන අදියරේ නිර්මාණාත්මක සම්පින්ඩන, මූර්ති අංශයේ නිර්මාණාත්මක සම්පින්ඩන, රේඛා චිත්‍ර හාමුද්රණ විධි යන තරග අංශ යටතේ කුසලතා සහතික ලැබූ පහළොස් දෙනෙකු ට සහතික මූල්‍ය ත්‍යාග ප්රදානය කෙරිණ.
සම්මාන උළෙලේ තෙවන අදියරේදී, ආලේක්‍ය, භූමි දර්ශන, නිර්මාණාත්මක සම්පින්ඩන, සාම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම, ආලේක්‍ය මූර්ති,නිර්මාණාත්මක සම්පින්ඩන මූර්ති, යන අංශ සඳහා සහතික පත්‍ර සහ මූල්‍ය ප්‍රධානය කෙරිණ.
සිව්වන අදියරේදී, මුද්‍රණ විධි, රේඛා චිත්‍ර, සාම්ප්‍රදායික මූර්ති, නිර්මාණාත්මක මූර්ති, ආලේඛ මූර්ති, භූමි දර්ශන චිත්‍ර, සාම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම, නිර්මාණාත්මක සම්පින්ඩන චිත්‍ර හා ආලේඛ චිත්‍ර යන අංශ සඳහා සම්මානලාභීන් 25 දෙනෙකුට, මෙරිටි සහතික සහ මූල්‍ය ප්‍රධානද, හත්දෙනෙකුට තෙවන ස්ථානය සඳහා සහතික මූල්‍ය ප්‍රධාන ද, අටදෙනකුට දෙවන ස්ථානයට හිමි සම්මාන මූල්‍ය ප්රදානය ද, දස දෙනෙකුට (10) පළමුවන ස්ථානය සඳහා සම්මාන පලක සහ මූල්‍ය ප්රදානය පිරිනැමිණ.
උදේනි චන්ද්‍රසිරි