Home » ලොව විශිෂ්ඨතම තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් සමුගනී

ලොව විශිෂ්ඨතම තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් සමුගනී

by chanaka
December 16, 2024 4:23 pm 0 comment

ලෝක ප්‍රකට තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් (Zakir Hussain) මිය ගොස් තිබේ.

සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ අසහාය චරිතයකි.

මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි වියේ පසුවිය.

සිඩ්නි හා මෙල්බර්න් හි අතිශය සාර්ථක ප්‍රසංගයකින් මාස කිහිපයකට පසුව ඔහු මෙලෙස ජිවිතයෙන් සමුගෙන ඇතැයි වාර්තාවේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ අය පැවසුවේ පෙනහළු ආශ්‍රිත රෝගාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි.

1951 වසරේදී මුම්බායි හි උපත ලද සකීර් ප්‍රකට තබ්ලා වාදකයෙකු වන අල්ලා රකාගේ වැඩිමහල් පුත්‍රයා වේ.

ඔහුට යන්තම් දින දෙකක් වයසැති වියේදී පටන් තබ්ලා වාදනයට අත්පොත් තැබුවේ පවුල් පරිසරයත් සමගිනි.

සකීර් හුසේන් 1973 දී ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ ජෝර්ජ් හැරිසන්ගේ ලිවිං ඉන් ද මැටීරියල් වර්ල්ඩ් ඇල්බමය සහ සැක්සෝෆෝන වාදක ජෝන් හැන්ඩිගේ 1973 ඇල්බමය හාඩ් වර්ක් සඳහා වාදකයෙකු ලෙස දායක වීමත් සමගයි.

හුසේන්ගේ වෘත්තීය ජීවිතය දශක 5ක් පුරා විහිදුනු අතර ඔහු ඉන්දියාවේ ජාතික වස්තුවක් ලෙසද ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.

සිව් වතාවක් ග්‍රැමී සම්මානය දිනූ, සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ සුවිශේෂී සලකුණකි. ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත.

ඉන්දීය වාර්තාවන්ට අනුව, සකීර් හුසේන් සිය පළමු ප්‍රසංගය පවත්වා ඇත්තේ වයස අවුරුදු හතේදී ය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division