Home » උත්සව සමය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

උත්සව සමය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by chanaka
December 20, 2024 7:57 pm 0 comment

එළැඹෙන නත්තල් හා අලුත් අවුරුදු උදාවත් සමග මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවය.

මේ අතර, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ආගමික ස්ථාන හා කඩසාප්පු ආශ්‍රිතව සිටින සොරුන් සහ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයට යෙදවීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

එමෙන්ම කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

“මේ සියලු දේ ඔබ වෙනුවෙන් සිදුකිරීමට ඔබගේ සහාය අවශ්‍යයි. ඔබ අසල සිටින නන්නාඳුනන පුද්ගලයින් ඒ වගේම සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම තියෙන පොලීසියට දැනුම් දෙන්න. ඔබගේ දේපළ, මුදල් ගැන නිරතුරුව සුපරික්ෂාකාරී වෙන්න.”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division