Home » බත්කූ­රන් සහිත SLT-MOBITEL 2025 දින දර්ශ­නය එළි­දකී

බත්කූ­රන් සහිත SLT-MOBITEL 2025 දින දර්ශ­නය එළි­දකී

by damith
December 21, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ස්වාභා­වික උරු­මය සංකේ­ත­වත් කර­මින් සිය 2025 දින දර්ශ­නය ‘ශ්‍රී ලංකාවේ බත්කූ­රන්’ යන තේමාව යටතේ එළි දැක්වී­මට SLT-MOBITEL, පසු­ගි­යදා කට­යුතු කළේ ය. බත්කූ­රන්ගේ අලං­කා­රය සහ පාරි­ස­රික වැද­ග­ත්කම මෙන්ම, රට තුළ යහ­පත් පරි­සර පද්ධති පව­ත්වා­ගෙන යාම සඳහා බත්කූ­ර­න්ගෙන් ඉටු වන වැද­ගත් මෙහෙ­වර මෙම දින දර්ශ­න­යෙන් පිළි­බිඹු වේ.

‘ ජල පෝෂක ප්‍රදේ­ශ­වල භාර­ක­රු­වන් ලෙස හඳු­න්වනු ලබන බත්කූ­රන්, අපෘෂ්ඨවංශික සත්ත්ව විශේෂ අතර අග්‍ර විලෝ­පි­ක­යන් වන අතර, එම සතුන් ජලයේ ගුණ­ත්වය සහ පරි­සර පද්ධ­ති­වල යහ­පත් බව හඟ­වන සාක්ෂි­යක් ලෙස සල­කනු ලබයි. මෙම සතුන්ගේ වර්ණ­වත් බව, සෙසු කෘමි සතුන්ට සාපේ­ක්ෂව ප්‍රමා­ණ­යෙන් විශාල වීම, පියා­සර කිරීමේ හැකි­යාව සහ මිනි­සුන් විසින් වෙනස් කරන ලද පරි­ස­රය තුළ පවා දැක ගත හැකි වීම නිසා බත්කූ­රන් සාමා­න්‍ය­යෙන් ආක­ර්ෂ­ණීය කෘමි සත්ත්ව විශේ­ෂ­යක් බවට පත් වී ඇත.

ජායා­රූ­පය – විමල් කරු­ණා­ති­ලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division