NDB බැංකුවේ ඉස්ලාමීය බැංකු අංශය වන NDB ෂරීක්, පසුගියදා කොළඹදී පැවති 9 වැනි දකුණු ආසියානු ඉස්ලාමීය මූල්‍ය සංසදයේ (IFFSA) සම්මාන උලෙළේදී සම්මාන රැසක් දිනා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ආහාර නිෂ්පාදකයකු සමඟ කළ සේවය වෙනුවෙන් NDB බැංකුව ‘වසරේ ඉස්ලාමික බැංකු ඒකකය’ (Islamic Banking Window/Unit of the Year) සඳහා රන් සම්මානය සහ ‘ඞීල් ඔෆ් ද ඉයර්’ (Deal of the Year) කාණ්ඩය යටතේ තවත් රන් සම්මානයක් දිනා ගත්තේය. මෙම ආයතනික සම්මානවලට අමතරව, ෆාමී රහීම් ‘වසරේ නැඟී එන තරුව’ සඳහා වන රිදී සම්මානය සමඟ පිළිගැනීමට ලක් විය. දකුණු ආසියානු කලාපයේ ඉස්ලාමීය බැංකුකරණය සහ මූල්‍ය කටයුතු සඳහා වඩාත් කීර්තිමත් වේදිකාවක් ලෙස පිළිගැනෙන IFFSA සම්මාන උලෙළ, දකුණු ආසියාව පුරා කර්මාන්ත ක්ෂේත්රයේ නියුතු පුද්ගල සහ සංවිධානවල දායකත්වය අංගයයි.