115
යුනියන් බැංකුව, නිර්වාණ චෞද්‍රි නව උප සභාපති ලෙස පත් කළ බව සතුටින් දැනුම් දී සිටී. මෙම පත්වීම සිදු කෙරුණේ, මින් පෙර එම තනතුර දැරූ ට්‍රවින් ප්රනාන්දුපුල්ලේ විශ්‍රාම යාමෙන් අනතුරුවය. 2023 වසරේ පටන් යුනියන් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන නොවන, විධායක නොවන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරන ඔහු, විවිධ අංශ තුළ ප්‍රමුඛ සමාගම් කිහිපයකින් සැදුම්ලත් බහුජාතික සමාගම් සමූහයක් වන CG Corp Global සමූහයේ කළමනාකාර අධ්යක්ෂවරයා ද වේ. CG Corp Global සමූහයට අනුබද්ධිත CG Capital Partners යනු යුනියන් බැංකුවේ ප්රධානත ම කොටස් හිමියා ද වේ.