සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියපොළ පාරේ අංක 134 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කෙරිණි. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා ප්රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන් ප්රමුඛ ආරාධිතයන් රැසක් සහභාගී විය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් ප්‍රදේශවාසී ජනතාවට ලබා ගත හැකිය.