පාරිභෝගික අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ටයකු වන සිංගර් සමාගම පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උලෙළේදී අඛණ්ඩව දෙවැනි වරටත් Retail Sector සම්මානය දිනා ගන්නා ලදි. ඒ සමඟ තිරසාරත්වය වෙනුවෙන් වන තම කැපවීම වෙනුවෙන් නැවත වරක් ඇගයීමට ලක් වීමට ද සිංගර් සමත් විය. තිරසාර ව්‍යාපාරකරණයේ ප්‍රමුඛයකු ලෙස සිය ස්ථාවරය තහවුරු කරමින් ආයතනික උපාය මාර්ගයන් වෙත පාරිසරික, සමාජීය හා පාලන මූලධර්මයන් එක් කිරීමට සිංගර් නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම පිළිගැනීම තුළින් අවධාරණය කර සිටින්නේ ඒ සඳහා ඔවුන් දක්වන නායකත්වයයි. පාරිසරික නවෝත්පාදන වෙනුවෙන් නිරන්තර නායකත්වය ලබා දී ඇති සිංගර් 2013 වසරේදී R600a තාක්ෂණය හඳුන්වා දුන් අග්නිදිග ආසියාවේ ප්‍රථම සමාගම බවට පත් විය.
සිංගර් ආයතනික පුරවැසි තිරසාරත්ව Retail Sector සම්මානය දිනයි
117