Home » යූනි­යන් ඇෂු­ව­රන්ස් සහ කැලණිය විශ්ව­වි­ද්‍යා­ලය අව­බෝ­ධතා ගිවි­සු­මක

යූනි­යන් ඇෂු­ව­රන්ස් සහ කැලණිය විශ්ව­වි­ද්‍යා­ලය අව­බෝ­ධතා ගිවි­සු­මක

by damith
December 21, 2024 12:30 am 0 comment

යූනි­යන් ඇෂු­ව­රන්ස්, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මූල්‍ය දෙපා­ර්ත­මේ­න්තුව සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළැ­ඹෙ­මින්, සැමගේ පිරි­පුන් සුව­සෙත සැල­සීම උදෙසා වන සිය කැප­වීම අඛ­ණ්ඩව ඉදි­රි­යට රැගෙන යයි. මෙම සහ­යෝ­ගි­තාව වයඹ විශ්ව­වි­ද්‍යා­ලය සහ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය සමඟ පවත්වා ගනු ලබන සිය සහ­කා­ර­ත්ව­යන් තව­දු­ර­ටත් ඉදි­රි­යට ගෙන යමින් දේශයේ අනා­ගත නාය­ක­යින් සවි බල ගැන්වීම සඳහා සමා­ගම විසින් මේ වන­විට සිදු කරනු ලබන කට­යුතුවලට එක් වන නව­තම පිය­වර වේ. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පැවැති ගිවි­සුම අත්සන් කිරීමේ අව­ස්ථාව යූනි­යන් ඇෂු­ව­රන්ස් හි ප්‍රධාන මහ­ජන නිල­ධා­රිනී නිසං­සලා පර­ණ­යාපා, කැල­ණිය විශ්වවිද්‍යා­ලයේ උප – කුල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය නිලන්ති ද සිල්වා සහ විශ්ව­වි­ද්‍යා­ලයේ වාණිජ්‍ය හා කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශයේ පීඨා­ධි­පති මහා­චාර්ය බණ්ඩාර වන්නි­නා­යක ඇතුළු, යූනි­යන් ඇෂු­ව­රන්ස් සහ විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­කා­රී­ත්වයේ සහ­භා­ගිත්ව­යෙන් සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division