යූනියන් ඇෂුවරන්ස්, කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින්, සැමගේ පිරිපුන් සුවසෙත සැලසීම උදෙසා වන සිය කැපවීම අඛණ්ඩව ඉදිරියට රැගෙන යයි. මෙම සහයෝගිතාව වයඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ පවත්වා ගනු ලබන සිය සහකාරත්වයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් දේශයේ අනාගත නායකයින් සවි බල ගැන්වීම සඳහා සමාගම විසින් මේ වනවිට සිදු කරනු ලබන කටයුතුවලට එක් වන නවතම පියවර වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැති ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන මහජන නිලධාරිනී නිසංසලා පරණයාපා, කැලණිය විශ්වවිද්‍යාලයේ උප – කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා සහ විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය බණ්ඩාර වන්නිනායක ඇතුළු, යූනියන් ඇෂුවරන්ස් සහ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් සිදු විය.
යූනියන් ඇෂුවරන්ස් සහ කැලණිය විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක
123
previous post