එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකික පුරුෂයා සහ ප්රමුඛ පෙළේ කඳු තරණය කරන්නකු වන යොහාන් පීරිස්, මහද්වීප හතෙන් ඉහළම කඳු මුදුන් වන “සප්ත මහා කඳු මුදුන්” ජය ගැනීමේ ඓතිහාසික කාර්යයක නිරත වී සිටී. කඳු මුදුන් හතෙන් හතරක් සාර්ථකව තරණය කිරීමෙන් පසු, යොහාන් එකින් එක තරණය කරමින් පැමිණි සාර්ථක ගවේෂණ මාලාවක අවසාන තුනට 2025 පළමු භාගයේදී සැලසුම් කර ඇත.
යුරෝපයේ එල්බස්, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ සහ ඕස්ට්‍රේලියාවේ කොස් කියුස්කෝ කඳු මුදුන් තරණය කරමින් ජයග්‍රාහී ගමන අඛණ්ඩව පවත්වා ගැනීමට ඔහු සමත් විය. වින්සන් කන්ද (ඇන්ටාක්ටිකාව), ඇකොන්කාගුවා කන්ද (දකුණු ඇමරිකාව) සහ ඩෙනාලි කන්ද (උතුරු ඇමරිකාව) යන අවසන් කඳු මුදුන් ත්‍රිත්වය තරණය කර තම අරමුණ ජයගැනීමේ දැඩි අධිෂ්ඨානයකින් සිටින යොහාන් මෙම ඇදහිය නොහැකි දක්ෂතාවය පෙන්වූ පළමු ශ්‍රී ලාංකිකයා සහ ලොව සිටින දූපත් වාසින් කිහිප දෙනාගෙන් කෙනෙකි.