Home » යොහාන් පීරිස් Seven Summits අභි­යෝ­ග­යට සූදා­නම් වේ

යොහාන් පීරිස් Seven Summits අභි­යෝ­ග­යට සූදා­නම් වේ

by damith
December 21, 2024 12:30 am 0 comment

එව­රස්ට් කන්ද තර­ණය කළ පළමු ශ්‍රී ලාංකික පුරු­ෂයා සහ ප්‍රමුඛ පෙළේ කඳු තර­ණය කර­න්නකු වන යොහාන් පීරිස්, මහ­ද්වීප හතෙන් ඉහ­ළම කඳු මුදුන් වන “සප්ත මහා කඳු මුදුන්” ජය ගැනීමේ ඓති­හා­සික කාර්ය­යක නිරත වී සිටී. කඳු මුදුන් හතෙන් හත­රක් සාර්ථ­කව තර­ණය කිරී­මෙන් පසු, යොහාන් එකින් එක තර­ණය කර­මින් පැමිණි සාර්ථක ගවේ­ෂණ මාලා­වක අව­සාන තුනට 2025 පළමු භාග­යේදී සැල­සුම් කර ඇත.

යුරෝ­පයේ එල්බස්, අප්‍රි­කාවේ කිලි­ම­න්ජාරෝ සහ ඕස්ට්‍රේ­ලි­යාවේ කොස් කියුස්කෝ කඳු මුදුන් තර­ණය කර­මින් ජය­ග්‍රාහී ගමන අඛ­ණ්ඩව පවත්වා ගැනී­මට ඔහු සමත් විය. වින්සන් කන්ද (ඇන්ටා­ක්ටි­කාව), ඇකො­න්කා­ගුවා කන්ද (දකුණු ඇම­රි­කාව) සහ ඩෙනාලි කන්ද (උතුරු ඇම­රි­කාව) යන අව­සන් කඳු මුදුන් ත්‍රිත්වය තර­ණය කර තම අර­මුණ ජය­ගැ­නීමේ දැඩි අධි­ෂ්ඨා­න­ය­කින් සිටින යොහාන් මෙම ඇද­හිය නොහැකි දක්ෂ­තා­වය පෙන්වූ පළමු ශ්‍රී ලාංකි­කයා සහ ලොව සිටින දූපත් වාසින් කිහිප දෙනා­ගෙන් කෙනෙකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division