සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සාධනීය සහ ධනාත්මක, සියලු දෙනාට සහයෝගයෙන් සේවය කළ හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම තවත් තහවුරු කරමින් Great Place to Work විසින් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ඇගැයීමට ලක් කරන ලදි. මෙම පිළිගැනීම මඟින් එහි සියලු සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලන, වටිනාකමක් සහිත පරිපූර්ණ සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට සහ සහාය වීමට ඇති සන්ෂයින් කැපවීම මැනවින් පෙන්නුම් කරයි.
ආසියාවේ සහ මැද පෙරදිග පුරා විසිර සිටින මිලියන 2.7 කට අධික සේවක සංඛ්‍යාවක් සමීක්ෂණය කිරීමෙන් Great Place to Work, ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන තෝරා ගනී. කලාපයේ මිලියන 6.9 ක් පමණ සේවකයින් ට බලපානු ලබන සේවා ස්ථාන වැඩසටහන් ද Great Place to Work ආයතනය විශ්ලේෂණය කරයි.