ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්රවල අන්තර්ජාතික වශයෙන් පිළිගත් වැඩසටහන් ශ්‍රී ලංකාවේ බෙදා හරී.
2018 දී පිහිටුවන ලද The Asian Institute of Business & Science (AIBS) විසින් එහි සය වසරක සාර්ථක ගමන සනිටුහන් කරන සහ එහි ආරම්භයේ සිට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා පිය ගැනීමේ අපේක්ෂාවන් අඛණ්ඩව වැඩි කරන නව ගිවිසුමකට එළැඹීම නිමිති කොට ගෙන උත්සවයක් පවත්වන ලදි.
2022 දී එක්සත් රාජධානියේ එජ් හිල් විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ වීම සමඟින් අන්තර්ජාතික වශයෙන් පිළිගත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ සමඟ දැඩි ලෙස සම්බන්ධ වී සිටින ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය වර්තමානයේ 600 ඉක්මවන ශිෂ්‍ය ප්රජාවකට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 14 ක් මාර්ගයෙන් අධ්‍යයන පාඨමාලා සහ වැඩසටහන් 21ක් පිරිනමයි.