සංස්කාරකවරු – කොටගම වාචිස්සර හිමි, උඩගලදෙණියේ ධම්මවිමල හිමි, ආර්.එම්.ඩබ් රාජපක්ෂ, යූ සුදත් සෙනරත්
උපදේශකවරු – සම්මානිත මහාචාර්ය කේ.එන් .ඕ. ධර්මදාස, සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක, සම්මානිත මහාචාර්ය පියශීලි විජේමාන්න සහ මහාචාර්ය රත්න විජේතුංග
ප්‍රකාශනය – පෑලියගොඩ විද්‍යාලංකාර පිරිෙවන, කැලණිය
බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් නවකතාව වැනි නිර්මාණාත්මක සාහිත්‍යංගය කෙරෙහි පැමිණීමට මුල් කාලයේදී යම් තරමක් මැලිකමක් දක්වා තිබේ. උන්වහන්සේ නවකතාකරණයට පැමිණෙන්නේ එක්දහස් නවසිය විසිනවය වර්ෂයේය. බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ලියූ නයිගල පන්සලේ නායක හාමුදුරුවෝ නැමැති නවකතාව කෘතියක් හැටියට පළ වෙන්නේ බොහෝ කාලෙකට පසුවය. මුලින් එය පළ වෙන්නේ සිංහල බෞද්ධයා නැමැති පුවත්පතේ කොටස් වශයෙනි. ඉන්පසුව බොහෝ භික්‍ෂූන් වහන්සේලා නවකතාකරණයට පැමිණ තිබේ. එසේ නමුදු භික්ෂුවක විසින් ලියන ලද නවකතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය වැනි සම්මානයකට පාත්‍ර වන්නේ එක්දහස් නවසිය හැත්තෑ නවය වර්ෂයේ ය. එනම්; කෝ ආනන්ද හිමියන් විසින් රචනා කරන ලද හේ සිද්ධාර්ථ නම් වෙයි වෙයි නැමති නවකතාවය.
ප්‍රඥා ප්‍රභා නැමැති මේ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය සකස් වන්නේ කෝ. ආනන්ද හිමියන් කරනු ලැබූ සාහිත්‍ය සේවයට උපහාරයක් වශයෙන්ය.
කෝ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ සිංහල සාහිත්‍යයේ විවිධ අංශ පරාමර්ෂණය කරන විශිෂ්ට යතිවරයකු හැටියට සඳහන් කිරීම කළ හැකිය. උන්වහන්සේ එක්දහස් නවසිය හැට අට වර්ෂයේ සිට මේ දක්වාම කවි පොත් දහයකට වඩා වැඩි සංඛ්‍යාවක් ලියා ලියා පළ කළ ප්‍රකට කවියකි. භික්‍ෂූන් වහන්සේ නමක හැටියට නිසදැස් කවියේ ආදිකම්මිකයාය. මා නිසා ඈ වීතරාගී (1968) ඈ හමුවුණි.. මෙසේ මැවුණි (1969), අම්මයි මමයි (1973), අලුත් ඉස්කෝලය (1974), නොනැවතී ඉදිරියට (1975), උරුමය සොයා (1976), නව කැලණි පාලම (1982), මහ පොළොව අලුත් කිරීම (1994), මාගේ දේශය අවදි කරමු (1997) කොරෝනා කාලේ කවි (2021). විටෙක උන්වහන්සේ ළමා මනස හඳුනාගත් ළමා කෘතිි රචකයෙකි. පුංචි කුරුල්ලෝ (1983), සූරිය දෙවියෝ (2001) උන්වහන්සේ ළමා සාහිත්‍යයට දායාද කළ ළමා කෘති ද්විත්වයකි. විටෙක උන්වහන්සේ සිතුවමින් විවිධ දේ මනරම් කරන චිත්‍ර ශිල්පියකි. ශිෂ්‍යයන්ට දැනුම බෙදාදෙන සොඳුරු ගුරු දෙවියෙකි. විකල්ප දේශපාලන මතවාදවල ප්‍රතාපවත් මහා යතිවරයෙකි. සඟරා සංස්කාරකවරයෙකි. ගීත රචකයෙකි. සිංහල නවකතා ක්ෂේත්‍රයට ආගමික තේමාව ගැඹුරු ලෙසින් විවරණය කිරීමට උත්සාහ ගත් නවකතාකරුවකි. ප්‍රඥා ප්‍රභා සාහිත්‍ය සරණිය වෙන් වන්නේ කෝ .ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ නවකතාව නැමැති ශාස්ත්‍රීය තේමාව තෝරාගෙනයි.
ශාස්ත්‍රීය සංග්‍රහය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එහි පළවෙනි කොටස වෙන් වන්නේ නවකතාව හා සම්බන්ධ ගැඹුරු විග්‍රහ විවරණ සහිත අර්ථවත් ශාස්ත්‍රීය ලිපි මාලාවකටය. දෙවන කොටස කෝ. ආනන්ද හාමුදුරුවන් වහන්සේ පිළිබඳව විවිධ චින්තකයන්, දාර්ශනිකයන්, කවියන් දුටු ආකාරය කෙටියෙන් කියාපෑම සඳහා ය. දිසාපාමොක් ගුරු පියාණෙනි- රඹුකන සිද්ධාර්ථ හිමි, (පිට.323) කුළුණු ගුණ රැඳි අනද සමිඳුනි. මහින්ද චන්ද්‍රසේකර (පිට.324 )කෝ .ආනන්ද හාමුදුරුවෝ සුභා (පිට.325 )ආනන්ද හිමියන්ගේ සාහිත්‍ය නිර්මාණ (පිට 326.-330) ආනන්ද හිමියන්ගේ සිත්තම් (පිට. 333 331 )ආනන්ද හිමියන්ගේ මතක සටහන් බිඳක්(පිට. 333 352)මේ ආකාරයෙන් කෘතියේ දෙවන කොටස සකස් වී තිබේ. රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් වහන්සේ දිසාපාමොක් ගුරු පියාණෙනි නැමැති ගී නිර්මාණය තුළින් කෝ ආනන්ද හිමියන් ගේ සාහිත්‍ය මෙහෙවර ගීතයට නඟති.ගීතයේ මුල් පද පෙළ මෙසේය.
ඔටුනු අතහැර- බමුණු මත බිඳ
මහා මානව සුලවතුන් බිහි කළ කෝ. ආනන්ද සමිඳු සිරිනාමේ……
මෙම ශාස්ත්‍රීය කෘතියෙහි සංස්කාරකවරු මෙම කෘතිය ගැන මෙසේ සඳහන් කරති.
ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කෝ. ආනන්ද මහා සාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ජීවිත ගමනෙහි අසූ දෙවන වසර සම්පූර්ණ කරමින් සිටිති.
සිංහල නවකතාවේ ආරම්භය විකාශය හා එහි ස්වභාවය; සිංහල නවකතාකරුවන්ගේ නවකතා පිළිබඳ ශාස්ත්‍රිය විචාර; යාපනයේ දෙමළ හා වතුකරයේ දෙමළ සංස්කෘතිය පදනම් කරගත් නවකතා; ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කොටගත් නවකතා; මුස්ලිම් සංස්කෘතිය පදනම් කොටගත් නවකතා ආදී වශයෙන් නවකතාවේ විවිධ පැතිකඩ පිළිබඳ සාස්ත්‍රීය ලිපි මෙහි අන්තර්ගත වෙයි. උක්ත මාතෘකා පිළිබඳව ලියැවුණු ප්‍රථම ශාස්ත්‍රීය සංස්කරණය මෙය ප්‍රඥා ප්‍රභා නැමැති මේ කෘතිය වේ…“ යනුවෙන්ය.
ප්‍රඥා ප්‍රභා ශාස්ත්‍රිය සංග්‍රහයට මහාචාර්ය කුලතිලක කුමාරසිංහ: සිංහල නවකතාවේ විකාශන අවස්ථා හා බැඳුණු ප්‍රවණතා: මහාචාර්ය ටී ආර්. ජී. දෑලබණ්ඩාර: සිංහල නවකතා ඉතිහාසය හා අවිචාර විචාරය, තමාකඩුවේ දේවානන්ද හිමි: නවකතාවේ ප්‍රභවය හා යුගාවේනීය සමාජ පරිවර්තනය පිළිබඳ විමසීමක්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් පුෂ්ප කුමාර: පියදාස සිරිසේනගේ නවකතාවල වස්තු විෂය, ආචාර්ය ඩබ්ලිව්. ඒ අබේසිංහ: මාර්ටින් වික්‍රමසිංහගේ මුල් කාලීන නවකතා, හේමපාල මුනිදාස: ගම්පෙරළිය ගැන පළ වූ මුල්ම ග්‍රන්ථ විවේචනය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිල්මිණී දයානන්ද: සිංහල නවකතාවේ මාර්ටින් වික්‍රමසිංහ ලකුණ, දර්ශා සසන්ති පෙරේරා කේ. ජයතිලකගේ නවකතා, මහාචාර්ය කුසුම් හේරත්: එදිරිවීර සරච්චන්ද්‍රගේ නවකතා පිළිබඳව විමසුමක්, කථිකාචාර්ය සුදේශ කවිෂ්වර: අමරසේකරයන්ගේ මුල් කාලීන නවකතා මඟින් ප්‍රති ප්‍රතිබිම්බිත ආධ්‍යාත්ම චරිතයන්හි සියුම් මානව සබඳතා, මහාචාර්ය සාලිය කුලරත්න: මායා යථාර්ථවාදී ප්‍රබන්ධ පිළිබඳ ලෝකීය නිදසුන් හා දේශීය ලේඛක අත්දැකීම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සන්ධ්‍යා කහඳගමගේ:නවකතාවේ ප්‍රාදේශීය උපභාෂා භාවිතය, මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්: නවකතා සාහිත්‍යය හා බැද්දේගම නවකතාව පිළිබඳ හැඳින්වීමක්, කථිකාචාර්ය ඒරාදෙනී හසිනි ලතා ලංකා: සිංහල නවකතාවේ වර්ධනයට කාන්තාවගෙන් ලැබුණු දායකත්වය, මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි: නවකතාවට භික්‍ෂූන් වහන්සේගේ ආගමනය, කථිකාචාර්ය කවිතා අරුන්දාහරන්: ශ්‍රී ලාංකීය දෙමළ නවකතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කවිතා රාජරත්නම්: කඳුකර දෙමළ නවකතාවලින් පිළිබිඹු කෙරෙන ජන ජීවිතය පිළිබඳ විමසීමක්, ජ්‍යෙෂ්ඨ කතිකාචාරය විජිතා තිවාදිවාකරන්: ශ්‍රී ලාංකේය මුස්ලිම් ලේඛකයන්ගේ නවකතා මුස්ලිම් ජනතාවගේ ජීවන රටාව සහ සංස්කෘතික අංග පිළිබඳ ඉදිරි දර්ශනය, දර්ශා සසන්ති පෙරේරා: නවකතා තුළින් පිළිබිඹු වන ක්‍රිස්තියානි සංස්කෘතිය, කථිකාචාර්ය කුරුපිට අභයතිස්ස හිමි: හෙයියම්මාරුව නව කතාවේ ස්වරූපය පිළිබඳ වාක් විද්‍යාත්මක විමර්ශනයක්, නදීෂා හංසනී කරුණාරත්න: මහගමසේකරගේ තුන් මං හන්දිය නවකතාව, මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි: හේ සිද්ධාර්ථ නම් වෙයි නවකතාව පිළිබඳ විමර්ශනයක්, මහාචාර්ය අනුරින් ඉන්දිකා දිවාකර: ගරුඬ මුහුර්තය නවකතාවේ භාෂාව පිළිබඳ අධ්‍යයනයක්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. බී. බුද්ධික ජයසුන්දර: ක්‍රෑර රදල සමාජයෙහි පිළිබිඹු වෙයි භාජීන්ගේ පවුල, සුමිත්‍රා රාහුබද්ද: නොලිය වෙන දේ ලියන ලේඛිකාවක්, මහාචාර්ය දයා අමරසේකර: කෝ .ආනන්ද හිමි සාහිත්‍යය තුළින් ජීවිතය දුටු යතිවර ලකුණ, සසින්ද ගිම්හාන් ප්‍රේම කුමාර: බටුවන්ගල රාහුල හිමියන්ගේ නවකතාවන්හි පරදර්ශිත මනෝවිද්‍යාත්මක ප්‍රවේශය වැනි විද්වත් පිරිස ශාස්ත්‍රීය ලිපි ලේඛන සපයා තිබේ.
ශාස්ත්‍රීය ග්‍රන්ථයේ විශිෂ්ටත්වය ඉහළ යාම පිණිස මෙම ශාස්ත්‍රීය උගතුන්ගේ ලිපි ලේඛන ආලෝකයක් වී තිබේ.
ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, දර්ශනශූරී
පාතේගම ඤාණිස්සර හිමි