Home » තාල වාද්‍ය රිද්මයේ භාරතීය ලකුණ

තාල වාද්‍ය රිද්මයේ භාරතීය ලකුණ

තබ්ලා විශාරද උස්තාද් ෂාකීර් හුසේන්ගේ දිවිගමනේ නිමාව

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

භාරතය බැබළ වූ තවත් මිණි පහනක් ඉකුත් 15 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේය. ඒ තබ්ලා විශාරද උස්තාද් ෂාකීර් හුසේන්ය‍. අදට සතියකට උඩදී සැන් ෆ්රැන්සිස්කෝ රෝහලේදී ය. ඔහු මියයන විට වයස අවුරුදු 73ක් විය. සති දෙකකට ආසන්න කාලයක් නිදන්ගත පෙනහලු රෝගී තත්ත්වයක් (idiopathic pulmonary fibrosis) හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු ජීවිතය හැරගොස් තිබුණි.

භාරතයේ ජනකාන්ත තබ්ලා විශාරද උස්තාද් අල්ලාරඛාගේ පුත්‍රයා ලෙස 1951 මාර්තු 9 වැනිදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී (වර්තමාන මුම්බායි හිදී) ෂාකීර් හුසේන් අල්ලාරඛා කුරේෂි (Zakir Hussain Allarakha Qureshi) මෙලොව එළිය දුටුවේය. පුංචි ෂාකීර් සිය පියාගේ අඩි පාරේ යමින් තබ්ලාව අතපත ගාන්නට පටන් ගන්නේ ඔහු බිළිඳකුව සිටි සමයේදීය. ඔහු වයස අවුරුදු හතේ සිටම රවි ශංකර්, අලි අක්බර් ඛාන් සහ ශිව්කුමාර් ෂර්මා ඇතුළු ඉන්දියාවේ ප්‍රකට කලාකරුවන් සියල්ලන් සමඟම සංගීත ප්‍රසංග පැවැත්වීය.

ගොඩනැඟුණු හැටි

මාහිම්හි ශාන්ත මයිකල් උසස් පාසලට ඇතුළත් වූ ෂාකීර් මුම්බායි හි ශාන්ත සේවියර් විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.

කුඩා කල පටන්ම සංගීතයට තිබූ ඇල්ම නිසාම ෂාකීර් භාරතීය සංගීත ක්ෂේත්‍රයට නවමු අත්දැකීම් එක් කළ බෙරවාද්‍ය ශිල්පියකු ලෙස හා සංගීතඥයකු ලෙස ඉදිරියට ආවේය. හෙතෙම පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ ලාබාලතම භාරතීය සංගීත විශාරදවරයා විය.

ෂාකීර් තබ්ලා සහ බෙර වාදනයට නව මානයන් එක්කරමින් ඔහුටම සුවිශේෂ වූ අනන්‍යතාවක් ගොඩ නඟා ගත් අතර එය එතෙක් ඉන්දීය සම්ප්‍රදායේ නොවූ විරූ ප්‍රකාශනයක් බවට පත් විය. පෙර අපරදිග සංගීතය මුහු කරමින් මානව කලාවේ උසස්ම ඵලය සංගීතය බව ඔහු ප්‍රකට කළේය

මෙනිසා ලොව පුරා ගිනිය නොහැකි සංගීත ලෝලීන් පිරිසක් ඔහුගේ සංගීතය වටා රොඳ බැඳ ගත්තේය. පද්ම ශ්‍රී සම්මානය හුසේන්ට විශේෂ වූයේ පණ්ඩිත් රවි ශංකර් විසින් හුසේන්ව ‘උස්තාද්’ ලෙස ආමන්ත්‍රණය කළ පළමු අවස්ථාව එය වූ බැවිනි.

පද්ම ශ්‍රී ගෞරව සම්මානය

මේ පිළිබඳ මතකයට නඟමින් පද්ම ශ්‍රී ගෞරව සම්මානය ලැබීමේදී සිදු වූ සිත්ගන්නා සුළු පුවතක් ඔහු හෙළි කළේය.

“එදා මම පණ්ඩිත් රවිශංකර් ජී සමඟ මුම්බායි හි ශාන්ත සේවියර් විද්‍යාලයේ වාදනයක යෙදෙමින් සිටියේ. එදා මගේ පියා උස්තාද් අල්ලාහ් රඛා ද ශාලාවේ ඉදිරි පේළියේ වාඩි වී සිටියා.

ඒ මොහොතේ පැමිණි අයකු විසින් පද්ම ශ්‍රී සම්මාන මගේ නමට පුද කර ඇති බව පත්තරවල පළවී ඇති බව දන්වා ඔහුගේ කනට කොඳුරා තිබුණා. ඉන් මගේ පියා අප්‍රමාණ ලෙස ප්‍රමෝදයට පත්ව සිටියා. ඒ බව මගේ තාත්තා එම ප්‍රසංගය මෙහෙයවමින් සිටි අයකු ලවා මේ පුවත පණ්ඩිත් රවි ශංකර් ජී ට දන්වා තිබුණා. පණ්ඩිත්ජි (පණ්ඩිත් රවි ශංකර්) මා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇති බව වේදිකාවේ නිවේදනය කළා. එහිදී ඔහු මට ‘උස්තාද්’ ලෙස ආමන්ත්‍රණය කළා; එය මට එලෙසින් කෙනකු ආමන්ත්‍රණය කළ පළමු අවස්ථාවයි”

එහිදී හුසේන් වැඩිදුරටත් පවසා සිටියේ, “එය මට ඉතා විශේෂ අවස්ථාවක්; මගේ පියා ඉදිරියේ පණ්ඩිත් රවි ශංකර් ජී එලෙසින් මා ආමන්ත්‍රණය කර සම්මානය ප්‍රකාශයට පත් කිරීම මගේ නිර්මාණ දිවියේ මා ලද වටිනාම ත්‍යාගවලින් එකක්.”

මේ අපූර්ව සංගීතඥයා ජාත්‍යන්තර කීර්තිමත් කලාකරුවන් සහ ඉන්දියානු කලාකරුවන් කිහිපදෙනෙකු සමඟ පෙර අපර දෙදිග සංගීතය සුසංයෝජනයෙන් අපූර්ව නිර්මාණ ලොව රසික ජනයාට දායාද කළේය. ජෝර්ජ් හැරිසන්ගේ 1973 ඇල්බමය ‘ලිවිං ඉන් ද මැටීරියල් වර්ල්ඩ්’ සහ 1973 ජෝන් හැන්ඩිගේ ‘හාඩ් වර්ක්’ ඇල්බමය සඳහා දායක විය. වැන් මොරිසන්ගේ 1979 ඇල්බමය ‘ඉන්ටූ ද මියුසික් ඇන්ඩ් අර්ත්’, වින්ඩ් ඇන්ඩ් ෆයර්ගේ 1983 ඇල්බමය වන ‘පවර්ලයිට්’ හි ද රඟ දැක්වීය.

1960 ගණන්වල සිට හුසේන්ව හඳුනන ග්‍රේට්ෆුල් ඩෙඩ් හි මිකී හාර්ට්, ලෝකයේ විවිධ ප්‍රදේශවලින් බෙර වාදකයන් ඇතුළත් විශේෂ ඇල්බමය ‘ප්ලැනට් ඩ්‍රම්’ නිර්මාණය කිරීමට ඔහුට ආරාධනා කළේය. ඉන්දියාවේ සිට හුසේන් සමඟින් එකතු වූයේ, හුසේන් ශක්ති හි සහයෝගීව කටයුතු කළ වික්කු විනයක්‍රම් ය. 1991 දී Rykodisc ලේබලය මත නිකුත් කරන ලද පළමු ප්ලැනට් ඩ්‍රම් (Planet Drum) ඇල්බමය, 1992 වසරේ ග්‍රැමී (Grammy) සම්මාන උලෙළිදී හොඳම සමකාලීන ලෝක සංගීත ඇල්බමය සඳහා වන ග්‍රැමී සම්මානය දිනා ගත්තේය. මෙම කාණ්ඩයේ මෙතෙක් ප්‍රදානය කරන ලද පළමු ග්‍රැමී සම්මාන සම්මානය එය විය. මෙය මිකී හාට්, ෂාකීර්, සිකිරු ඇඩෙපෝජු සහ ජියෝවානි හිඩාල්ගෝ එක්ව ක්‍රියා කළ නිර්මාණයකි. පසුව ‘ග්ලෝබල් ඩ්‍රම් ප්‍රොජෙක්ට්’ ඇල්බමයටද ඔහු දායක විය.

සම්මාන

ෂාකීර් 1999 දී වානප්‍රස්තම් නම් මලයාලම් චිත්‍රපටයේ සංගීත උපදේශක ලෙස කටයුතු කළේය. එය AFI ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ ජූරි ත්‍යාගය සඳහා නම් කරන ලදී. ඔහු ඊට රංගනයෙන් ද දායක විය.

මෙම චිත්‍රපටය ඉස්තාන්බුල් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (තුර්කිය2000) දී සම්මාන දිනා ගත්තේය. ඔහු විසින් හිමිකරගත් සෙසු සම්මාන අතර 2000 මුම්බායි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ සහ 2000 ජාතික චිත්‍රපට සම්මාන වේ.

ඔහු චිත්‍රපට කිහිපයක් සඳහා හඬපට රචනා කර ඇත. විශේෂයෙන් ඉස්මයිල් මර්චන්ට් විසින් රචිත In Custody සහ The Mystic Masseur, සහ Francis Coppola ගේ හඬපටවල තබ්ලා වාදනය කර ඇත. Apocalypse Now, Bernardo Bertolucci ගේ Little Buddha සහ වෙනත් චිත්‍රපට, 1998 වාර්තා චිත්‍රපටය වන Zakir and His Friends සහ The Speaker Hand: Zakir Hussain and the Art of the Indian වාර්තා චිත්‍රපටය ඇතුළුව චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. 1983 මර්චන්ට් අයිවරි චිත්‍රපටිය හීට් ඇන්ඩ් ඩස්ට් හි ඉන්ද්‍රලාල් ලෙස රංගනයෙන් දායක වූ අතර ඔහු එහි සහකාර සංගීත අධ්‍යක්ෂකවරයා ද විය. හුසේන් බිල් ලැස්වෙල්ගේ ලෝක සංගීත සුපිරි කණ්ඩායමක් වන Tabla Beat Science හි ආරම්භක සාමාජිකයකු ද විය. 2016 දී, ධවල මන්දිරයේ පැවති ජාත්‍යන්තර ජෑස් දිනය 2016 ඕල්-ස්ටාර් ග්ලෝබල් ප්‍රසංගයට ජනාධිපති ඔබාමා විසින් ආරාධනා කරන ලද බොහෝ සංගීතඥයන් අතර ෂාකීර් ද විය.

ෂාකිර්ගේ තබ්ලා හැදූ වත්කාර්

හරිදාස් වත්කාර් විසින් වසර 18කට වැඩි කාලයක් හුසේන්ගේ තබ්ලා නිර්මාණය කිරීම සිදු කර ඇත. හරිදාස් පවසන්නේ “ මා ඉන් තබ්ලා සෑදීමට ඉගෙන ගත් බවත්, ඒ නිසා හුසේන් වෙනුවෙන් ඒවා විශේෂයෙන් සෑදිය හැකි බවත්ය.”

ලේඛිකාවක වන නස්රීන් මුන්නි කබීර් ෂාකීර් ගැන කළ Zakir Hussain: A Life in Music, කෘතිය සම්බන්ධයෙන් කළ සංවාදයකදී Hussain ප්‍රකාශ කළේ තමා කිසිම දිනක පුද්ගලික රැස්වීම්, ආයතනික උත්සව හෝ මංගල උත්සව සඳහා සංගීතමය ඉදිරිපත් කිරීම් නොකළ බවයි. එහි අරුත නම් සංගීතය එයට උචිත තැන්හි ඊට මුලිකත්වය දෙමින් සිදුවන්නක් ම විය යුතුය බවයි.

හරිදාස් වත්කාර් වසර 18කට වැඩි කාලයක් හුසේන්ගේ තබ්ලා නිර්මාණය කර ඇත. හරිදාස් පැවසුවේ ඔහු තබ්ලා සෑදීමට ඉගෙන ගත් බවත්, ඒ නිසා හුසේන් වෙනුවෙන් ඒවා විශේෂයෙන් සෑදිය හැකි බවත්ය. කර්තෘ Nasreen Munni Kabir සමඟ සංවාදයකදී, ඇගේ පොතෙහි ලියා ඇති Zakir Hussain: A Life in Music, Hussain ප්‍රකාශ කළේ තමා කිසිම දිනක පුද්ගලික රැස්වීම්, ආයතනික උත්සව හෝ මංගල උත්සව සඳහා සංගීතමය ඉදිරිපත් කිරීම් නොකළ බවයි. එහි අරුත නම් සංගීතය එයට උචිත තැන්හී ඊට මූලිකත්වය දෙමින් සිදුවන්නක් ම විය යුතුය බවයි.

දශක හයක් පුරා සිය නිර්මාණ දායකත්වය සැපයූ මේ අපූර්ව භාරතීය සංගීතඥයාගේ බලපෑම ලාංකේය අපට ද අමතක කළ නොහැකිය.

ඒ මෙරට තබ්ලා වාදනයේ ප්‍රමුඛයන් වන සංගීත් නිපුන් ආචාර්ය සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, මනෝජ් පීරිස් පමණක් නොව සිහ ශක්ති වාද්‍ය වෘන්දයේ නායකයා වූ ආනන්ද පෙරේරාටද එක සේ බලපෑම් කර තිබුණි. අතුල අධිකාරී විසින් ගයන “මුතු ලතා සිනහ පොකුරු පා” ගීතයේ සංගීතය සඳහා ආනන්ද පෙරේරාට ෂාකීර් හුසෙන්ගේ “දිය ගෙන එන ළඳ (Watergirl) සංගීත නිර්මාණය වෙසෙසින් බලපා ඇත.

වසර 60ක සිය නිර්මාණ දිවිය තුළ ඔහු ලෝක සංගීත සම්ප්‍රදායට එක්කළ නිර්මාණ රසික ජනතාවට සදා අනුස්මරණීය වනු ඇත.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division