උසස් තත්ත්වයේ, දේශීයව නිපදවන ලද රසකැවිලි සඳහාම ප්‍රසිද්ධ සන්නාමයක් වන ඩේන්ටී සමාගම මෙම උත්සව සමයේදී, අද්විතීය අත්දැකීමක් සමඟින් දරුවන් සහ පවුලේ සැම පුදුමයටත් සතුටටත් පත් කිරීමට සූදානමින් සිටියි. ඩේන්ටී සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට, ආහාරයට ගත හැකි, දැවැන්ත ඉඟුරු පාන් නිවසක් ????????????? වන් ගෝල් ෆේස් මෝල් සාප්පු සංකීර්ණයේ ඉදිකර ඇති අතර, ඒ හරහා දරුවන්ට ජීවිතයේ පළමු වරට සැබෑ ප්‍රමාණයෙන් දැකගත හැකි දැවැන්ත ඉඟුරු පාන් නිවසක අත්දැකීම සමඟ එහි රස බැලීමට අවස්ථාවක් ලැබෙයි.
සන්ෂයින් කන්සියුමර් ලංකා පුද්ගලික සමාගම යටතේ ඇති රසකැවිලි සන්නාමයක් වන ඩේන්ටී, “හෙට ලොවට සූදානම් දරුවන් ගොඩනැඟීම” සඳහා කැපවී සිටයි. ඉස්තරම්ම අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන දේශීයව නිෂ්පාදනය කරන ඩේනිටී, මේ වන විට ශ්‍රී ලංකාවේ රසකැවිලි වෙළඳපොළේ විශ්වාසදායක රස සන්නාමයක් බවට පත්ව ඇත.
පොඩිත්තන්ට හොඳම රසකැවිලි තෝරා ගන්නත් අවස්ථාවක්
ඩේන්ටී ජින්ජර්බ්‍රෙඩ් නිවස යනු ඉඟුරු පාන් සහ ජුජුබ්ස්, චුවීස්, ඉක්ලෙයාර්ස් සහ හාර්ට්ස් චොකලට් ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති ඩේන්ටී නිෂ්පාදනවලින් සාදන ලද දැවැන්ත නිර්මාණයකි. මෙම රස නිවෙස අත්විඳ රස බැලීමට පමණක් නොව, ඩේන්ටී හි හොඳම රසකැවිලි තෝරාගෙන ගෙදර ගෙන යාමේ අවස්ථාවද පොඩිත්තන්ට උදා වෙයි. මෙම නොදුටු විරූ පන්නයේ රස අත්දැකීම හරහා විනෝදය, උද්යෝගය සහ ආශ්වාදය ලබා දෙන අතරම, නවමු ආකාරයකින් රසකැවිලි ලෝකය සමඟ සම්බන්ධ වීම සඳහා දරුවන් දිරිගැන්වීමක් සිදු කරයි.
මෙම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති ආහාර ද්‍රව්‍ය ගැන සැලකිල්ලට ගැනීමේදී අදාළ පරිශ්‍රය පුරාවටම සනීපාරක්ෂාව, සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ ඉහළම ප්රමිතීන් සහතික කිරීම සඳහා ඩේන්ටී සමාගම වැඩි අවධානයක් යොමු කර ඇත. සියලුම අමුත්තන් සඳහා ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සහතික කරමින්, සමස්ත ක්‍රියාවලියම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ සිදු කරනු ලැබේ. දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ගවේෂණය කිරීමට සහ නවෝත්පාදනයන් ඇති කිරීම උදෙසා වේදිකාවක් සකස් කරදීම සඳහා වන ඩේන්ටී ආයතනයේ කැපවීම පිළිබිඹු කරන අතරම, සනීපාරක්ෂාව සහ සුරක්ෂිතභාවය ද ඉහළම ආකාරයෙන් සහතික කර ඇත.
“ළමයින්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීම හරහා, පෙර නොවූ විරූ ආකාරයෙන් අත්දැකීමක් සමඟ වෙනස් විදිහට සිතීමට දිරි ගන්වන අතර සතුටක් ලබාදීම අපේ අරමුණයි” යැයි පවසන්නේ ඩේන්ටී ආයතනයේ සන්නාම විශේෂඥ ඩිල්ෂාන් පල්ලියගුරුගේ මහතාය. “අපගේම අතින් දේශීයව නිපදවන ලද රසකැවිලි භාවිතා කිරීමෙන්, ශ්‍රී ලාංකික ශිල්පීය හැකියාවන් මතුකොට පෙන්වීමටත් අපි උත්සාහ කරනවා.”
පොඩිත්තන්ට නව්‍ය අත්දැකීමක්
“ඩේන්ටී සෑම විටම දරුවන් සඳහා අර්ථවත් අත්දැකීම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම දැවැන්ත ඉඟුරු පාන් නිවෙස එම මෙහෙවරට දිය හැකි හොඳම සාක්ෂියක්” යැයි පවසන්නේ සන්ෂයින් කන්සියුමර් ලංකා හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී කවී රාජපක්ෂ දේශප්‍රිය මහත්මියයි. “ශ්‍රී ලංකාවේ හොඳම රසකැවිලි ප්‍රදර්ශනය කරන අතරම, පවුල් එකට එකතු කරන ආකාරයෙන් නිර්මාණශීලිත්වය, ප්‍රීතිය සහ නවතම ආකාරයේ අත්දැකීමක් පොඩිත්තන්ට ලබාදීම අපගේ ප්‍රධානම ඉලක්කයයි.” යනුවෙන් ඇය වැඩි දුරටත් පැවැසුවාය.
ඩේන්ටි ජින්ජර්බ්‍රෙඩ් හවුස් උත්සවය දෙසැම්බර් 18 සහ 19 යන දිනවල පෙ.ව. 10.00 සිට රාත්‍රී 10.00 දක්වා බේරේ වැව පිවිසුම දෙසට පිහිටා ඇති වන් ගෝල් ෆේස් මෝල් සංකීර්ණයේ පළමු මහලේදී පැවැත්විණි. විනෝදයෙන් සපිරි මෙම ඉන්ද්‍රජාලික රසවත් අත්දැකීම, නත්තල් සමයේ පෙර කිසිදා සිදු නොවූ ආකාරයෙන් සැමරීමට පැමිණෙන ලෙසට ඩේන්ටී සමාගම ශ්‍රී ලංකාව පුරා සිටින පවුල්වලට ආරාධනා කරයි.
වසර 25 කට පෙර ආරම්භ කරන ලද, සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගමේ පාරිභෝගික අංශය මේ වන විට ශ්‍රී ලංකාවේ වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ අංශයේ ඉහළම තරගකරුවකු බවට පත්ව ඇත. “හාර්ඩ්-බොයිල්” රසකැවිලි කාණ්ඩයේ ප්‍රමුඛයකු සමඟින් රටේ විශාලතම සන්නාමගත තේ සමාගමෙන් සමන්විත මෙම අංශයේ වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 19 කි. සෙස්ටා, වටවල සහ රන් කහට යන තේ සන්නාම තුන අදාළ අංශවල සුවිශේෂී ආකාරයෙන් ඉහළ අෙලවියක් පෙන්වන අතර, මෑතකදී අත්පත් කරගත් ඩේන්ටී සමාගමේ ඩේන්ටී (ටොෆි සහ චොකලට්), මයිලේඩි (රසකැවිලි) සහ එක්ස්ට්‍රා (ලොසින්ජර සහ චුවිංගම්) ඇතුළු නිෂ්පාදන 75 කට වැඩියෙන් රටේ වඩාත්ම ජනප්‍රිය රසකැවිලි සන්නාම වන අතර, ඒවා සමස්ත සිල්ලර භාණ්ඩ අංශයෙන් 90% කට වැඩි කොටසක් නියෝජනය කරයි. සමූහය විසින් 2022 වසරේදී සම්පූර්ණයෙන්ම අත්පත් කරගත් සන්ෂයින් ටී (පුද්.) සමාගම, සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි අපනයන අංශය ලෙස කටයුතු කරන අතර, උසස් මට්ටමේ ශ්‍රී ලංකා තේ අපනයනය කරන ඉහළම අපනයනකරුවන් අතර නිරන්තරයෙන් ශ්‍රේණිගත කර ඇත. සමාගම දිවයිනේ වගා කරන ලද හොඳම තේ වර්ග 200 කට අධික ප්‍රමාණයක් අපනයනය කරන අතර, ඒ අතරට සමූහයේ ප්‍රමුඛතම වෙළඳනාමය වන සෙස්ටා සහ තමන්ගේම වූ තවත් ප්රමුඛ වෙළඳ නාම තුනක් වන ඇවන් ටී, ගෝර්ඩන් ෆ්රේසර් සහ ටීස්අප් යන ඒවා ඇතුළත් වෙයි. සමූහය මෙම වෙළෙඳනාම යටතේ එන නිෂ්පාදන, රටවල් 40 කට අධික සංඛ්‍යාවක විසිරී සිටින සුවිශේෂ ගනුදෙනුකරුවන් වෙත අලෙවි කොට, රටට විදේශ විනිමය උපයා දෙයි.