Home » ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ
අංකුර සාහිත්‍ය ‍ෙව්දීන් ඇගැයුණු

ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ

ජයග්‍රාහකයන් 247කට පදක්කම් සහ සහතික

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment
ප්‍රාථමික අංශයේ ජයග්‍රාහිකාවක් ත්‍යාග ලබමින්

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් එක්ව සංවිධානය කරනු ලැබූ 2023 වසරේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැතිණි.

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, සංස්කෘතික කටයුතු අමාත්‍යා‍යංශයේ නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම්වරු, නිර්මාණකරුවන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන විසින් ආරාධිතයින් පිළිගැනීම සිදු කෙරිණි. ඉන් අනතුරුව අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන සහ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරුක්ෂි පෙරේරා විසින් 2023 ජාතික සාහිත්‍ය උලෙළේ නිර්මාණකරුවන්ගේ තොරතුරු ඇතුළත් සමරු කලාපය අමාත්‍යවරයා ඇතුළු පිරිසට පිළිගන්වනු ලැබීය. අමාත්‍යවරයාගේ සාහිත්‍ය රසය මුසු ආමන්ත්‍රණයෙන් අනතුරුව අදියර 6ක් යටතේ සම්මාන පිරිනැමීම සිදුවිය. දිස්ත්‍රික්ක 25ක් නියෝජනය කරමින් ප්‍රාදේශීය මට්ටමේ සිට දිස්ත්‍රික්ක මට්ටමට පැමිණ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තරග අංශ 26කින් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලද තරගකරුවන් 247ක් තේරී තිබුණු අතර පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් ජාතික තලයේ ජයග්‍රාහකයන්ට රන්, රිදී, ලෝකඩ පදක්කම් මෙන්ම සහතික සහ ත්‍යාග පිරිනැමුණේ ප්‍රාථමික, පශ්චාත් ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ද්විතියික, විවෘත අංශ යටතේය. පළමු අදියර යටතේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා, ලේකම්වරයා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව විසින් සහතික, ත්‍යාග සහ පදක්කම් පිරිනැමීම සිදුකරනු ලැබූ අතර අනතුරුව පැමිණි සිටි ආරාධිතයින් ජයග්‍රාහකයින්ට සහතික, ත්‍යාග සහ පදක්කම් පිරිනැමීය. රාජ්‍ය නර්තන කණ්ඩායමේ ආකර්ෂණීය නර්තන විශේෂාංග රැසකින් සභාව කුල්මත් කිරීම ද මෙහිදී විශේෂත්වයකි.

ජායාරූප – සුදත් නිශාන්ත

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division