වැලිගම මූලස්ථාන පොලිස් ගොඩනැඟිල්ල මීට වසර අටකට පමණ පෙර කඩා ඉවත් කර නව දෙමහල් ගොඩනැඟිලක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර මේ වන විට එහි ඉදි කිරීම් සියයට 85ක් පමණ අවසන් කර බොහෝ කාලයකි. එහි ඉතිරි ඉදිකිරීම් කටයුතු නිමාකර විවෘත කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි කිසිවෙක් නොදනී.
දැනට වැලිගම මූලස්ථාන පොලිස් ස්ථානය වෙනත් ස්ථානයක පවත්වාගෙන යයි. මූලස්ථාන පොලිස් ගොඩනැඟිල්ලේ ඉතිරි කටයුතු නිමකර විවෘත නොකිරීම නිසා පොලිස් නිලධාරින්ට සහ පොදු මහජනයාට බොහෝ අපහසුතාවලට මුහුණ පෑමට සිදු වී තිබේ.
එම නිසා පොලිස් නිලධාරී මහත්වරුන්ගේ සහ පොදු මහජනතාවගේ යහපත් උදෙසා ඉදි කිරීම් අතර මග නතර කොට ඇති වැලිගම නව දෙමහල් මූලස්ථාන පොලිස් ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදිකිරීම් ආරම්භ කිරීමට නව වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු විය යුතුය.
වසන්තද සිල්වා – වැලිගම