සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් උසුලන බව 18 වැනිදා උදේ දැකගත හැකි විය.
18 වැනිදා උදේ මරදගහමුල සහල්තොග වෙළඳසල් විවෘතව පැවතියේ තුන හතරක් පමණි.
කීරී සම්බා, කැකුළු සම්බා වැනි වර්ග පමණක් විවෘතව පැවති වෙළෙඳසල්වල දැකිය හැකි විය.
නාඩු සහ සුදු කැකුළු වෙළඳපළේ දක්නට නොමැති විය. ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඔවුන්ගේ මරදගහමුල ප්‍රදේශයේ පිහිටි මෝල්වල තිබූ වී සහල් බවට පත්කොට වෙළඳපොළට නිකුත් කොට අවසාන බවයි.
ඒ හේතුවෙන් තමන්ගේ මෝල් වසා දමා ඇති අතර විකිණීම සඳහා සහල් නොමැති වීමෙන් වෙළෙඳසල් ද වසා දැමීමට සිදුව ඇතැයි ඔවුහු සඳහන් කළහ.
දිවයිනේ වෙනත් ප්‍රදේශවල සහල් මෝල්වලින් නිෂ්පාදනය කරන සහල් ඔවුන් විසින්ම සිල්ලරට විකුණන නිසා තමන්ට සහල් ලබා ගැනීමේ ක්‍රමයක් නැති බවද ඔවුහු කීහ.
මරදගහමුල නගරයේ සිල්ලර වෙළඳසල්වලත් හාල් තියෙන්නේ සුළු ප්‍රමාණයක් බව එම වෙළෙන්දෝ සඳහන් කළහ.
පාලන මිලට යටත්ව සහල් නිෂ්පාදනය කරන්න වී ලබා ගැනීමට නැතැයි ද වී කිලෝ එකක් රුපියල් 150ක් පමණවන අතර එම මිලට වී ලබාගෙන සහල් නිෂ්පාදනය කර පාලන මිලට ලබාදීම ප්රශ්නයක්ව ඇතැයි ද ඔවුහු කියති.
මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් මරදගහමුල ප්‍රදේශයේ වී මෝල් දිගටම වසා තැබීමට සිදුව ඇතැයි ද ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.