AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන විශිෂ්ටත්වය සඳහා වන සම්මතයන් නැවත අර්ථ දක්වමින්, ප්‍රමුඛතම සේවායෝජකයකු වශයෙන් සහ සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සතුට සහ සුබසිද්ධිය ප්රමුඛතාවයේලා සලකන සමාගමක් බවට තවදුරටත් තහවුරු කරමින් නොබෝදා පැවතී Great Place To Work සම්මාන උලෙළේ දී හොඳම සම්මාන රැසකින් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙසින් අඛණ්ඩව දොළොස් වන (12) වරත් සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම ලෙස මෙවරත් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම උපහාරයට ලක්විය. මෙම ඓතිහාසික කඩඉමට ඔවුන් ළඟා වන්නේ තවත් ගෞරවනීය සම්මාන රැසක් දිනාගනිමිනි. එනම් අඛණ්ඩව හත්වන (7) වසරටත් කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසත්, තරුණ දක්ෂයින්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සහ Wellbeing Champion යන සම්මාන වලින් පිදුම් ලබමිනි. එමෙන්ම AIA ශ්‍රී ලංකා සමාගම, LMD සහ PepperCube Consultants වෙතින් පිරිනමන ලද ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ වඩාත් ප්‍රීතිමත් සේවා ස්ථානයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමටත් සමත් විය.
මෙම සම්මාන සියල්ලෙන්ම පිළිබිඹු වන්නේ AIA ශ්‍රී ලංකා සමාගම සිදුකරන සෑම කාර්යයක්ම, සිය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සතුට සහ යහපැවැත්ම කේන්ද්‍ර කරමින් සිදුකරන බවයි. අභ්‍යන්තරව සිය කාර්ය මණ්ඩලය විසින් සහ බාහිරව රක්ෂණ ප්‍රමුඛයන් වෙතින් ඇගයුමට ලක්වෙමින් AIA ශ්‍රී ලංකා, නව්‍යකරණය සහ සියලු දෙනා සාමූහිකව සිය කාර්යයන් සිදුකරන්නා වූ ආයතනික සංස්කෘතියකින් හෙබි සමාගමක් ලෙස කැපී පෙනේ.
The Great Place to Work වෙතින් ලද මෙම සම්මානයන් ලබාදීමේ දී, කාර්ය මණ්ඩල සාමාජිකයන්හට ඔවුන්ගේ වටිනාකම් ඇගයීමට, ඔවුනට ලබා දෙන සහයෝගය සහ අභිප්‍රේරණය වෙනුවෙන් ආයතන විසින් දැනට ක්‍රියාත්මක කර ඇති ප්රයත්නයන් පිළිබඳව AIA කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ලද ඍජු ප්‍රතිචාර ඔස්සේ නිශ්චය කරන ලදී. එමෙන්ම Pepper Cube Consultants හි සමීක්ෂණ දත්ත මත පදනම්ව LMD විසින් ප්රදානය කරන ලද වඩාත් ප්‍රීතිමත් සේවා ස්ථාන සම්මානය, AIA සිය කාර්යමණ්ඩල සාමාජිකයන් සඳහා ගොඩනඟා ඇති ධනාත්මක හා ප්‍රීතිමත් වැඩ පරිසරය සඳහා වන සාක්ෂියක් ලෙස දැක්විය හැකිය.
“Great Place To Work සම්මාන උළෙලේ දී AIA විසින් අත්පත් කරගන්නා ලද මෙම සම්මාන ඔස්සේ පිළිබිඹු වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ප්‍රමුඛස්ථානයේ ලා සැලකීම සඳහා වන අපගේ ආයතනික දැක්මයි. අපි විශ්වාස කරන ප්‍රධාන කරුණක් වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ව සතුටින් තැබීම මඟින් ඔවුන් සපයන සේවාවන්හි ගුණත්වය වර්ධනය වීම තුළින් අපගේ පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවක් ලබා දීමට අපට හැකියාව ඇති බවයි.” යනුවෙන් AIA ශ්‍රී ලංකා හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා සිය අදහස් දක්වමින් කියා සිටින ලදී. ඇය තවදුරටත් කියා සිටියේ “අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණක් නොව රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයන් විසින් ද අපගේ ආයතනය ප්‍රීතිමත් සේවා ස්ථානයක් බවට ලබා දී ඇති ධනාත්මක ප්‍රතිචාර අපට ඉමහත් ගෞරවයක්. රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සම්මානනීය වීමට අමතරව කාන්තාවන්ට සහ තරුණ දක්ෂයන්ටත් රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සම්මාන ලැබීමෙන් පිළිබිඹු කරනුයේ සේවා ස්ථානය තුළ දී කාන්තාවන්හට දක්වන්නා වූ සහයෝගයත් අපගේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් AIA හි ඇති කැපවීමයි”.
“ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව රැකියා අවස්ථාවන් සැලසීම මඟින් සිය රැකියා කටයුතු සිදු කිරීම සඳහා යහපත් සේවා පරිසරයක් ඇති වන අතර, සියලු දෙනාටම සිය උපරීම කාර්යසාධනය අත්පත් කරගැනීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇත. කාන්තාවන් සහ තරුණ තරුණියන් සවිබලගැන්වීමට අප ගන්නා ප්රයත්නය මඟින් අප විශ්වාස කරන්නේ විවිධත්වය අපගේ කණ්ඩායම ශක්තිමත් කරමින් අපගේ සාර්ථකත්වයට ජවයක් වනු ඇති බවයි. පළපුරුදු වෘත්තිකයන්ගේ සිට තරුණ උපාධිධාරීන් දක්වා සෑම කෙනෙකුටම වර්ධනය විය හැකි සහ විශිෂ්ටත්වයට පත්විය හැකි එක සමාන මට්ටමේ සේවා පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව අපි ආඩම්බර වෙමු” යනුවෙන් මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා පවසන ලදී.
මෙම සම්මානයන්ගෙන් පිදුම් ලැබීම ඔස්සේ AIA ශ්‍රී ලංකා, සේවා ස්ථාන විශිෂ්ටත්වය සඳහා ක්ෂේත්රය තුළ ප්‍රමුඛතාවක් උසුලන සමාගමක් ලෙස ස්ථානගත වන අතර අඛණ්ඩව මෙසේ සම්මානයට පාත්‍ර වෙමින් වඩාත් ඵලදායී මෙන්ම සතුටුදායක සහ ධනාත්මක සේවා පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් කැපවෙමින් AIA ලබාදෙන ආදර්ශය, ශ්රමබලකායේ සියලු සාමාජිකයින්වද විශිෂ්ටත්වයට පත්වීම සඳහා උනන්දු කරවයි.
AIA ශ්‍රී ලංකා සමාගම විසින්, අනාගතය දෙස වඩාත් ධනාත්මකව දකිමින්, ලබාගෙන ඇති මෙම විශිෂ්ටත්වයන් රැක ගනිමින්, අඛණ්ඩව සතුටුදායක සේවා පරිසරයක් ගොඩනැඟීමට තවදුරටත් කැප වෙනු ඇත.