Home » ජාතික ඡායාරූප කලා සංගමයට අයදුම්පත්

ජාතික ඡායාරූප කලා සංගමයට අයදුම්පත්

by Mahesh Lakehouse
December 21, 2024 12:27 am 0 comment

ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය අනුමත විෂය නිර්දේශය පරිදි ලංකාවේ පැවැත්වෙන එකම ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2025 වසරට නවකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇත.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ මෙම තුන් අවුරුදු සති අන්ත ඩිප්ලෝමා පාඨමාලාව ඔබට ද නොමිලයේ හැදෑරිය හැකි ය.

ඡායාරූප පාඨමාලාවට අමතරව සාමාජික වරප්‍රසාද ලෙස ඡායාරූප සම්මන්ත්‍රණ වැඩමුළු චාරිකා යනාදියට සම්බන්ධ වීම, දෙස් විදෙස් ඡායාරූප ප්‍රදර්ශන හා තරගවලට ඉදිරිපත් වීම, ජාතික හා ජාත්‍යන්තර ඡායාරූප කලා ඇගැයීම්වලට පෙනී සිටීම, ඡායාරූප හා සිනමා රස වින්දන වැඩසටහන් වලට සම්බන්ධ වීම, ජාතික මට්ටමේ සමාජ සුභසාධන හා පුණ්‍ය කාර්යයන්ට දායක වීම ඇතුළු වැඩසටහන් ගණනාවක් මෙහි ක්‍රියාත්මක වේ. අවශ්‍ය නම් පාඨමාලාවට සහභාගි නොවී සංගමයේ සාමාජිකත්වය පමණක් ලබාගෙන ඉහත සඳහන් කාර්යයන්ට සම්බන්ධ වීමට ද හැකියාව ඇත.

2025 වසර සඳහා සාමාජික අයදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ යුතු අතර, www.npassrilanka.org වෙබ් අඩවියෙන් හෝ The National Photographic Art Society Of SriLanka මුහුණු පොත ඔස්සේ අදාළ සබැඳි මඟින් උපදෙස් පත්‍රිකාව බාගත කර ගැනීම සහ අයදුම්පත් සම්පූර්ණ කළ හැකි ය.

මාර්ගගත ක්‍රමයට සාමාජික අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2024 දෙසැම්බර් 31 වේ.

වැඩිදුර විස්තර සඳහා සාලිය ලියනගේ, අධ්‍යක්ෂ, ලේඛකාධිකාරි (විභාග හා බඳවා ගැනීම් – දුර. 0713963030) අමතන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division