මෙවර අප නත්තල සමරන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණ සමයක් අත්විඳි රට තුළ දුෂණයෙන් සහ අසාධාරණත්වයෙන් තොර යහපත් දේශපාලන සංස්කෘතියක අරුණලු උදාවනු දැකීමේ ජනතා බලාපොරොත්තුව තුළ බැවින් එම පරිසරය නිර්මාණය කිරීම සඳහා සෑම පුද්ගලයකුගේම අවංක කැපවීම අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසයි.
නත්තල වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වැඩි දුරටත් පවසන්නේ ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තල මිහිමත සෑම පුද්ගලයකුගේම ගෞරවය ආරක්ෂා කිරීමට ඇරයුම් කරන තිර සාමය සඳහා ශක්තිමත් පදනමක් දැමීමේ මාර්ගයක් වන බවය.
එබැවින් නත්තල ප්‍රීතිමත් කාලයක් වුවත් බාහිර උත්සවශ්රීයට වඩා එහි අධ්‍යාත්මික වටිනාකම් වෙත අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
සුරේකා නිල්මිණි ඉලංකෝන්