Home » ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උලෙළ

ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උලෙළ

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

සිංගප්පූරුවේ මිනිස් බල අමාත්‍යාංශය සංවිධාන කළ ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උලෙළට, ශ්‍රී ලංකා මහකෝමසාරිස් කාර්යාලය ද එක්විය. ජුරොන්ග් විල්තෙර උද්‍යානයේදී පැවැති එම උලෙළට විවිධ ජාතික හා සංස්කෘතික අනන්‍යතා සහිත දස දහසකට අධික සංක්‍රමණික පිරිසක් එක්ව සිටියහ. එරටට විගමනික ශ්‍රමිකයන් යොමුකරන්නා වූ සෙසු රටවල විදේශ දූත මණ්ඩල ගණනාවක්ද ඊට එක්විය. මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ සිංගප්පූරුවේ මිනිස් බල අමාත්‍ය වෛද්‍ය ටැන් සී ලෙංග් ශ්‍රී ලාංකේය අනන්‍යතාව හා සංස්කෘතිය පිළිබිඹු වනඅයුරින් සැලසුම් කර තිබූ මහ කොමසාරිස් කාර්යාලයේ කුටිය වෙතද පැමිණි අතර, එහිදි මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා විසින් සාදරයෙන් පිළිගන්නා ලදී.

ලාංකේය සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු වන තිළිණයක් ද මෙහිදී මහකොමසාරිස්වරයා අතින් අමාත්‍යවරයාට පිරිනැමිණි. උක්සවයට පැමිණි පිරිස් මහකොමසාරිස්වරයා සමඟ මෙසේ සේයාරුවකට පෙනී සිටින ලදී.

මෙම උලෙළට මහකොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානි / අමාත්‍ය අහමඩ් රාසි, උපදේශක (කම්කරු සබඳතා සහ සුභසාධක ) ධම්මික විජේරත්න, අමාත්‍ය (වාණිජ) යසන්ත යද්දෙහි යන මහත්වරු ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division