Home » අප්‍රේල් මාසයට පෙර පුංචි ඡන්දය පවත්වනවා

අප්‍රේල් මාසයට පෙර පුංචි ඡන්දය පවත්වනවා

- ජනපති

by Mahesh Lakehouse
December 21, 2024 12:37 am 0 comment

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

පසුගිය වසරේ මාර්තු මස පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවූ නමුත් මේ වන විට එම අවස්ථාවේ තිබූ ඇතැම් පක්ෂ ද නොමැති බවත් මේ නිසා නාම යෝජනා අවලංගු කර නැවත නාමයෝජනා කැඳවීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා පස්වරුවේය.·

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව නාමයෝජනා අවලංගු කිරීම සඳහා වන පනත මේ වන විට සකස් කර තිබෙන බවත් එය ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ඒ පනත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවත නාමයෝජනා කැඳවා අලුත් අවුරුද්දට ප්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

පළාත් සභා මැතිවරණය ද ලබන වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ද ජනපතිවරයා මෙහිදී පැවසුවේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division