නත්තල සහ නව වසරට සාපේක්ෂව මහජන ගමන් බිමන්, විනෝද චාරිකා, මහජන ගැවසීම, ප්‍රවාහනය, ක්‍රමානුකූලව වැඩිවීම නිසා අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බව ද ඒ ගැන ජනතා අවධානය යොමුවිය යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු නිවාරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පෙන්වා දෙයි.
රථවාහන අනතුරු, දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි, වැටීම්, සත්ව සපාකෑම් යනාදිය නිසා ඇතිවන අනතුරුවල ප්‍රවණතාවක් ඇතිවීමට ඉඩ ඇති අතර ඒ බව පසුගිය වසරවල සංඛ්‍යාලේඛන අනුව ද අනාවරණය වන බවද විශේෂඥ වෛද්‍ය සිරිතුංග සඳහන් කරයි.
අනතුරු හේතුවෙන් සෑම වසරකම පුද්ගලයන් දස ලක්ෂයක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මිය යන සංඛ්‍යාව 11,000කි.
දීපාල් සමරසේකර