Home » විදත් කාඩ්පතින් කප්පමට විසඳුමක්!

විදත් කාඩ්පතින් කප්පමට විසඳුමක්!

by Mahesh Lakehouse
December 21, 2024 12:33 am 0 comment

පෞද්ගලික බස්රථවල ගමන් කරන මගීන් සඳහා විදත් ගෙවීම් පත්‍රයක් ඉතා ඉක්මනින් මෙන්ම අනිවාර්යයෙන් හඳුන්වා දිය යුතුව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අවධාරණය කරයි.

මගීන් මේ විදත් ගෙවීම් පත්‍රය දීර්ඝකාලීනව භාවිතයේදී පෞද්ගලික බස් හිමියන් මුහුණපාන ප්‍රධානම ප්‍රශ්නය කප්පම් කල්ලිවලට කප්පම් මුදල් ලබාදීමෙන් පෞද්ගලික බස් සේවකයන්ට වැළකී සිටිය හැකි බව ද ගැමුණු විජේරත්න අවධාරණය කරයි. ඔහු පෙන්වා දුන්නේ කප්පම් කණ්ඩායම් මාසයකට රුපියල් කෝටි 25ක් පමණ පෞද්ගලික බස් රථවලින් ලබාගන්නා බවයි.

මේ තත්වය වැළැක්වීම සඳහා පොලීසිය මේ වන විට උපරිම ලෙස සිය දායකත්වය ලබාදෙන බව පැවැසූ ගැමුණු විජේරත්න සඳහන් කෙළේ මේ වන විට පෞද්ගලික බස් 13,000 – 14,000 අතර සංඛ්‍යාවක් දෛනිකව ධාවනය වන බවයි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division