Home » නන්දා මාලනී සංගීත ආශ්‍රමයට සිසුන් බඳවා ගනී

නන්දා මාලනී සංගීත ආශ්‍රමයට සිසුන් බඳවා ගනී

by Mahesh Lakehouse
December 21, 2024 12:30 am 0 comment

‍හතළිස් වසරකට අධික කාලයක් තිස්සේ දැයේ දූ දරුවන්ට සංගීත ඥානය ලබාදෙන නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ නව අධ්‍යයන වර්ෂය සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරේ.

සංගීත විෂයය සඳහා වූ පාසල් නිර්දේශ ප්‍රශ්න පත්‍රයට අදාලව සහ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ ප්‍රවේශික, ප්‍රථමා, ඩිප්ලෝමා, විශාරද පාඨමාලාවලට අදාළව පන්ති පැවැත්වෙන අතර සංගීත ඥානය සහ රසාස්වාදය අරමුණු කර ගත් පාඨමාලා ද මෙහිදී පැවැත්වේ.

සංගීත විශාරද ආචාර්ය නන්දා මාලනී ඇතුළු ප්‍රවීණ ආචාර්යවරුන් විසින් මෙම පාඨමාලා මෙහෙයවනු ලැබේ. නව අධ්‍යයන වාරය ජනවාරි 06 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා වන අයදුම්පත් අංක 03 විජයබා මාවත, නාවල පාර නුගේගොඩ යන ලිපිනයෙන් ලබාගැනීමට පුළුවන.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division