Home » ‘ෂේක් හසීනා නැවත ඩකා වෙත එවන්න’: බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්

‘ෂේක් හසීනා නැවත ඩකා වෙත එවන්න’: බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලිපියක්

by chanaka
December 24, 2024 1:10 pm 0 comment

බංග්ලාදේශයේ අන්තර්වාර රජය පසුගිය සඳුදා ප්‍රකාශ කළේ බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂේක් හසීනා නැවත ඩකා වෙත එවීය සඳහා ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් යොමු කර ඇති බවයි.

හසීනාට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ කටයුතු වෙනුවෙන් මෙම දැනුම් දීම සිදු කර ඇතැයි බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය Touhid Hossain සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නීති විරෝධී ක්‍රියාවක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු වෙනත් රටක පැවැත්වෙන නඩු විභාගයක් සඳහා පිටුවහල් කිරීමේ හෙවත් උදර්පණ ගිවිසුමක් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රියාත්මකය.

එම ගිවිසුමට අනුව හිටපු අගමැතිනිය යළි බංග්ලාදේශයට ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතින බව සදහන් වේ.

77 හැවිරිදි ෂෙයික් හසීනා, ඇයට එල්ල වූ දැඩි මහජන විරෝධය හමුවේ පසුගිය අගෝස්තු 5 වැනි දා 16 වසරක සිය පාලන කාලය නිමා කරමින් ඉන්දියාවට පළා ගියේය.

ඉන් පසු බංග්ලාදේශයේ පාලනය පැවරුනේ ආචාර්ය මොහොමඩ් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර පාලනයක් යටතටය.

ඩකා පදනම් කරගත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICT) හසීනා සහ හිටපු කැබිනට් ඇමතිවරුන්, උපදේශකයින් සහ හමුදා සහ සිවිල් නිලධාරීන් කිහිප දෙනෙකුට “මනුෂ්‍යත්වයට සහ ජන සංහාරයට එරෙහි අපරාධ” සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මේවන විට නිකුත් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division