113
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) විකුණුම් කණ්ඩායම, ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ 15 වැනි ජාතික සමුළුවේ (NAFLIA) පැවති 2023 ජීවිත රක්ෂණ කර්මාන්ත විකුණුම් සම්මාන උලෙළේදී ඇගැයීමට ලක් විය. මෙම විශේෂ සම්මාන ප්රදානෝත්සවයේදී ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ජිවිත රක්ෂණ උපදේශකවරුන්ගේ සුවිශේෂ ජයග්රහණ සමරනු ලැබීය.
හොඳම ශාඛා කළමනාකරු කාණ්ඩය යටතේ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි යාපනය ශාඛා කළමනාකරු වී. සුපේසන් මහතා සහ ගම්පහ ශාඛා කළමනාකරු රෝහණ කුමාර මහතා පිළිවෙළින් මහා පරිමාණ සමාගම් කාණ්ඩයේ සහ ජාතික මට්ටමේ රිදී සහ ලෝකඩ සම්මාන දිනා ගන්නා ලදි.