සීමාසහිත සන්ෂයින් කන්සියුමර් ලංකා පුද්ගලික සමාගමේ තේ වෙළෙඳපොළේ දෙවැනි ස්ථානයේ රැඳි තේ සන්නාමය වන රන් කහට, 2024 SLIM සන්නාම විශිෂ්ටතා උලෙළේදී, වසරේ දේශීය සන්නාම කාණ්ඩය වෙනුවෙන් රන් සම්මානය ද, වසරේ නිෂ්පාදන සන්නාම කාණ්ඩය වෙනුවෙන් ලෝකඩ සම්මානය ද දිනා ගත්තේ ය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ‘මානව බුද්ධියේ විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම කීර්තිමත් සම්මාන උලෙළ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හි පැවැත්වුණු අතර එම උත්සවයේදී, ශ්‍රී ලාංකේය අලෙවිකරණයේ විශිෂ්ට ජයග්‍රහණ ඇගැයීමට ලක් කරන ලදි. රන් කහට, මෙම සම්මානය හිමිකර ගත්තේ නව්‍යකරණය, නිර්මාණශීලිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව හරහා තවදුරටත් සන්නාමයක් ලෙස වර්ධනය වීම සහ බලපෑම්කාරී සන්නාමයක් නිර්මාණය කිරීම උදෙසාය.