මලල ක්‍රීඩා ඇතුළු සියලුම ක්‍රීඩා සහ ව්‍යායාම් හි යෙදෙන කාන්තාවන් සහ ගැහැනු දරුවන් වෙනුවෙන්ම හඳුන්වා දුන් Aura Active ඇඟලුම් ප්‍රදර්ශනාගාරය, 62, හෝර්ටන් පෙදෙස, කොළඹ 07, ලිපිනයේ පසුගියදා විවෘත විය.
ඕනෑම ක්‍රීඩාවක සහ ව්‍යායාමයක යෙදීමට අවශ්‍ය සුව පහසුව, පෙනුම සහ නම්‍යශීලී බව ලබාදීම මෙම ඇඟලුම් සන්නාමයේ විශේෂත්වයයි. එවැනි කාන්තාවන් සඳහාම නිර්මාණය කර ඇති, Aura Active සන්නාමයක් පමණක්ම නොව, සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී ජීවන රටාවක් සඳහා කාන්තාවන් දිරිමත් කිරීමේ මෙහෙවරකි. එනම්, ඇඟලුම්වලට වඩා වැඩි යමක් නිර්මාණය කිරීමේ දැක්මක් ඇතිව ආරම්භ කරන ලද Aura Active අරමුණ, ක්‍රීඩාවේ සවිබල ගන්වන කාන්තා ප්‍රජාවක් ගොඩනැඟීමයි. “අපගේ ඉලක්කය, කාන්තාවන්ට ජීවිතයේ සෑම අංශයකදීම විශ්වාසය සහ හැකියාව ඇති කර ගැනීමට පෙලඹවීමයි…” යනුවෙන් Aura Active ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී අමානි නෞෂාඩ් පවසයි. ඇය කඳුරට කුඩ සමාගමේ සභාපති, එම්. ටී. එම්. නෞෂාඩ් මහතාගේ දියණිය යි. ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය සේවා රැසක් අත්විඳීම සඳහා Instagram හි Aura Active Club වෙත පිවිසීමට කාන්තාවන්ට ආරාධනා කෙරේ.