සිංහගිරිය හෙවත් සීගිරිය
ප්රතාපවත් සිංහ රාජයකුගේ විලාසයෙන් දිස්වන හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳී ඇත. විශිෂ්ට කලාගාරයක් බඳු මෙය අප ජීවත්වන ආසියාවේ ඇති ප්‍රධානම පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. ලොව අටවන පුදුමය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක් බවට ද සීගිරිය පත්ව ඇත. මෙය පිළිබඳ කතා කිරීමේදී ප්‍රකට පුරාවිද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්, එච්. සී. පී. බෙල් මහතා වැනි අය අමතක කළ නොහැක. සීගිරිය පිළිබඳ විවිධ අදහස් පළ කරමින් පුරාවිද්‍යා කැණීම් සිදු කරමින් විශාල තොරතුරු රාශියක් ඔවුන් අනාවරණය කරගෙන ඇත.
පුරාවෘත්තයට අනුව ධාතුසේන රජතුමාගේ පුතණුවකු වු කාශ්‍යප කුමරුන් විසින් රජකම අපේක්ෂාවෙන් ධාතුසේන රජතුමා මරා සිහසුනේ නියම උරුමක්කරු වූ මොග්ගල්ලාන කුමරුගේ ආක්‍රමණයෙන් බේරීමට සීගිරි බලකොටුව පිහිටුවයි. ඒ අනුව මෙම නිර්මාණය කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.
සීගිරියේ වඩාත් ආකර්ෂණීය ස්ථාන බොහෝ ඇත. ඒ අතරින් “කැටපත් පවුර, බිතු සිතුවම්, කුරුටු ගී, සීගිරි උද්‍යානය, ජල උද්‍යානය, පියගැටපෙළ” ප්‍රධානය. සීගිරිය වඩාත් ම ප්‍රසිද්ධ වන්නේ සීගිරි බිතු සිතුවම් නිසාය. ඒවා සීගිරියේ බටහිර පස කෙවෙනිවල ඇති ස්ත්‍රී රූපය ඇතුළු සීගිරියේ බිතු සිතුවම් විසි දෙකක් ඇත. එයින් ද හොඳ තත්ත්වයේ ඇත්තේ කිහිපයකි.
ගල් තලය සුමට කර ගැනීමට යොදාගත් බදාමය සඳහා පිදුරු, දහයියා, මැටි, ශාක පත්‍ර කෙඳි, ශාක මැලියම්, හුණු ආදිය යොදා සකස් කරගෙන ඇත.
ගල මුදුන මාලිගය මෙහිදී වැදත්ම ස්ථානයකි. අක්කර තුන හමාරක් තරම් වූ වපසරියකින් යුතු සීගිරි පර්වතයේ මුදුනත රජ මාළිගාව ඇත. වනය සහ ජල උද්‍යාන ද ඇත්තේ මෙහිය. සීගිරිය නැමැති වටිනා වස්තුව නැරඹීමට සංචාරකයින් බොහෝ ප්‍රමාණයක් අප රටට පැමිණෙයි. එමඟින් අප රටට විශාල ලෙස විදේශ විනිමය ලැබේ.
මෙම වටිනා සම්පත ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමකි.
බිහඳු සන්දිල් කීර්තිසේන
7 ශ්‍රේණිය ‘එච්’, මලියදේව විද්‍යාලය, කුරුණෑගල
අම්මා
සම්මා සම්බුදු බව ලැබු අම්මා
පෙව්වා ලේ කිරි කර මා අම්මා
වැඩුවා මා පෝෂණයෙන් අම්මා
හෙලුවා දහඩිය සුසුමන් අම්මා…
වාරු නැතිව තනි වුයෙද අම්මා
මේ සසරෙ තනිවී කිම හිඳිනා
කෙලෙස ගෙවන්න ද
ඔබෙ ණය අම්මේ
බුදු වෙනු අම්මේ දිනයක මතුදා…
යු. කේ. සනුති වස්සලා සේනාරත්න
7 ශ්‍රේණිය,
ගෝතමි බාලිකා විද්‍යාලය,
කොළඹ 10.
දේදුන්න
අාකාසේ පායන
මහ පොළොවෙන් බැසයන
වර්ණ හතෙන් බබළන
දේදුන්නක් හරි ලස්සන
ඩබ්ලිව්. කේ. රොමාල් භාසුර
5 ශ්‍රේණිය
වැයිහේන කණිෂ්ඨ විද්‍යාලය
බද්දේගම
මගේ රට
මගේ රට ශ්‍රී ලංකාවයි.
එය කුඩා දූපතකි.
මගේ රටේ ගංගා, දිය ඇලි, කෙත් වතුවලින් පිරි ඉතාමත් සාරවත් භූමියකි.
මගේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජාතීන් ජීවත් වේ.
මගේ රටට මම ගොඩක් අදරේයි.
සදුල්යා අභිලාශි
3 ශ්‍රේණිය,
ව/ගිර/ගැමුණු මධ්‍ය මහා විද්‍යාලය,
ඉංගරදවුල.
හඬන වැලපෙන අහසට
දැන්වත් චුට්ටක් නැවතී
කියනවාද වුණ සිද්ධිය
තරහට ද දුකට ද ඉතින්
වැලපෙන්නේ ඔය තරම්…
බුදු සාදුට මල් පුදන්න
මල් කඩන්න යන්නත් බෑ
ලොකු වැහි බිඳු කඩන් වැටිලා
වතුසුදු පෙති බිමට වැටිලා…
ගේ පොඩ්ඩ වටේටම
වතුර පාර සැර වැඩියි
මා සෑදුව කඩදහි ඔරු
ගිලී යයි තෙත් බරව…
මිදුලේ පිහිඹියා ගහ කැපුවට ද
කුණු ඉවත් කළ විදිය වැරදිද
ඉවසලා ඉවසලා බැරිම තැන ද
කඩාගෙන වැටුණේ පොළවටම
තෙනුරි නවින්මා කීර්තිසේන
9 ශ්‍රේණිය ‘ඒ’
කුරුණෑගල
පරිසරය
කන්ද උඩින් හිරු නැගඑයි
කුරුලු නාද දසත ඇසෙයි
පුංචි අපේ සිත පිනවයි
පරිසරයම සිරි සැපදෙයි
ගස් වැල්වල මල් පිපිලා
සුවඳ සුවඳ මුසු වෙලා
වතුපිටිවල ඵල හැදිලා
සතුට සිතේ වැඩි වෙලා
වැස්ස දාට හරිම වසයි
මුළු අහසම ගොරවා ලයි
බිංදු බිංදු වතුර වැටෙයි
පරිසරයම සිරි සැපදෙයි
සෙනුරි ගිම්හානි
6 ශ්‍රේණිය,
ආනන්ද බාලිකා ජාතික පාසල,
හිඟුරක්ගොඩ.