ජනවාරි
ජනවාරි 1 – බත්තරමුල්ල අකුරේගොඩ නව ගුවන් හමුදා මූලස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
ජනවාරි 17 – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය .
ජනවාරි 27 – ලොරෙන්සෝ පුතා යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබුවේය.
ජනවාරි 30 – නිදහස් දින පැරෂුට් සංදර්ශන පෙරහුරුවේදී ආරක්ෂක අංශ සාමාජිකයින් සිවුදෙනකු අනතුරට ලක්වී රෝහල්ගත කෙරිණි.
ජනවාරි 31- සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලොරෙන්සෝ පුතා යාත්‍රාව සහ නාවිකයින් හය දෙනා සීෂෙල්ස් නාවික හමුදාව විසින් එරට වික්ටෝරියා අගනුවර වරාය වෙත ආරක්ෂිතව රැගෙන ආවේය.
පෙබරවාරි
02 ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තේය.
09 එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස පැතුම් නිශ්ශංක ඉතිහාසයට එක් විය.
26 නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබුවේය.
මාර්තු
මාර්තු 09 – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තෙවෙනි හා අවසන් විස්සයි 20 තරගයේදී නුවන් තුෂාර ශ්‍රී ලංකාවේ කඩුලු ත්‍රිත්වයක් දිනා ගත් පස්වෙනි පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක් විය.
මාර්තු 21- කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 42කින් පරාජයට පත් විය.
මාර්තු 22 – රාජ්‍ය සම්මානලාභී ලේඛකයෙක් විචාරකයකු මෙන්ම ගෞරවනීය ගුරුවරයෙක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත විය.
මාර්තු 28 – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කරනු ලැබුවේය.
අප්‍රේල්
අප්‍රේල් 02 – ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.
අප්‍රේල් 23 – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වූවාය.
මැයි
මැයි 08 – රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මෙරට පුරවැසියකු නොවන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සහ එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළේය.
මැයි 21- ජපානයේ කොබේහි පැවැත්වුණු ලෝක පැරා මලළ ක්‍රීඩා ශූරතාවලියේදී දණහිසෙන් පහළ ආබාධිත කාණ්ඩයෙන් හෙල්ල විසි කළ සමිත දුලාන් ලෝක වාර්තාවක් සමඟ එම ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය
මැයි 26 – දේශිය සංගීත කලාව වෙනත් මානයකට යොමු කළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා දිවි සැරියට සමු දුන්නේය.
මැයි 30 – දශක ගණනාවක් ශ්‍රී ලාංකේය සුභාවිත සංගීත ක්ෂේත්රයට අනුපමේය මෙහෙවරක් කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයෝ ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.
ජූනි
ජූනි 05 – නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස තේරී පත් විය.
ජූනි 19- 19 වැනි බිල්බාඕ රෙයුනියන් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූවාය.
ජූනි 20 – ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජෙයිශංකර් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජූනි 27 – ජාතික ගුවන් විදුලියට වසර 100 ලබයි. ආසියාවේ පැරණිම හා ලෝකයේ 2වැනි ජාතික ගුවන් විදුලි සේවය මෙය වේ.
ජූනි 30 – හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්බන්ධන් අභාවප්‍රාප්ත විය.
ජූලි
ජූලි 04 – හඳ නැන්දා ලෙස විරුදය ලැබූ විශිෂ්ට ගුවන් විදුලි ළමා වැඩසටහන් ශිල්පිනී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වූවාය.
ජූලි 17 – මහාවංශය ලෝක උරුමයක් ලෙස නම් කළේය.
ජූලි 24 – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ජූලි 25 – ශ්‍රී ලාංකේය වාමාංශික දේශපාලනයේ නියමුවකු මෙන්ම විද්වතෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත විය.
ජූලි 28 – ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් ඉන්දියාව පරාජයට පත් කර මුල්ම වරට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගත්තාය.
අගෝස්තු
අගෝස්තු 09 – මනුෂ නානායක්කාර හා හරින් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධුර අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිකුත් කළේය.
අගෝස්තු 26 – “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විය.
අගෝස්තු 29 – ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ලංකාවට පැමිණියේය.
සැප්තැම්බර්
සැප්තැම්බර් 21- නව වැනි විධායක ජනාධිපතිවරණ ඡන්ද පැවැත්විණි.
සැප්තැම්බර් 22 – ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකතාවට නව පරිච්ඡේදයක් එක්කරමින් නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 57කට වැඩි ජන්ද ප්‍රමාණයක් සහිතව ජයගැනීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමත් විය.
සැප්තැම්බර් 23 – ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සැප්තැම්බර් 24 – මෙරට නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සැප්තැම්බර් 25 – ජනාධිපතිවරයා විසින් පළාත් නවය සඳහා නව ආණ්ඩුකාරවරු පත් කෙරිණි.
ඔක්තෝ්බර්
ඔක්තෝබර් 04 – ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය.
ඔක්තෝ්බර් 19 – අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය රාජ්‍ය නායකයා ලෙස ලෙස සියරාලියොන් රාජ්‍යයේ ජනාධිපති ජුලියස් මාඩා බිඕ මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
නොවැම්බර්
නොවැම්බර්14 – ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවැති මහ මැතිවරණවලදි ප්රචණ්ඩ ක්‍රියා අවම වූ මැතිවරණය පැවැත් විණි.
නොවැම්බර් 15 – ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තා රැසක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අබිබවා යන බහුතර බලයක් සමඟ ඓතිහාසික ජයක් ලැබීමට ජාතික ජන බලවේගය සමත් විය.
නොවැම්බර් 18 – ජාතික ජන බලවේගයේ නව ඇමති මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය. අමාත්‍ය මණ්ඩලය 22කින් සමන්විත විය.
නොවැම්බර් 20 -2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී සිටිනා ජීජී අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේගේ මරණ දණ්ඩනය අභියාචනාධීකරණය තහවුරු කළේය.
නොවැම්බර් 21 – දස වන පාර්ලිමේන්තුවේ නව සභාවාරය උත්සවාකාරයෙන් ඇරඹුණේය. කථානායකවරයා ලෙස අශෝක සපුමල් රන්වල තේරී පත් විය.
නොවැම්බර් 23 – ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුනනේය.
දෙසැම්බර්
දෙසැම්බර් 02 – ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.
දෙසැම්බර් 13 – කථානායක අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවට නිවේදනයක් නිකුත් කළේය. සිය ආචාර්ය උපාධිය පිළිබඳ මතු වූ ප්රශ්නය සමථයකට පත්වන තුරු තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එම ලිපියෙන් දැන්වූයේය.
දෙසැම්බර් 15 – ඉන්දීය ජනාධිපතිනී දෞපදී මුර්මුගේ ආරාධනයෙන් ජනාධිපති කුමාර දිසානායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවිය. ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිදු කළ පළමු විදෙස් සංචාරය මෙය වේ.
දෙසැම්බර් 17 – දස වැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න තෝරා පත් කර ගැනුණි. අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් එම නම යෝජනා කරනු ලැබීය. සභානායක බිමල් රත්නායක විසින් එම නම ස්ථිර කළේය.
ජනවාරි
ජනවාරි 01 වැනිදා උදා වන්නේ ජපානයේ බටහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 7.5 භූමිකම්පාවක් ඇතිකරමිනි. එම භූමිකම්පාවෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 462ක් මිය ගොස් තවත් 1,344 දෙනකුට තුවාල සිදු වූ බව වාර්තා විය.
ජනවාරි 3 – කාසෙම් සොලෙයිමානි (Qasem Soleimani) ගේ ඝාතන සිද්ධිය අනුස්මරණ උත්සවයක් අතරතුර ඉරානයේ කේමන් හි දී එල්ල වූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 94 දෙනෙකු මිය ගියේය.
ජනවාරි 12 – එක්සත් ජනපදය ප්රමුඛ සන්ධානයක් යේමනයේ හූති සටන්කාමීන් රැඳී සිටින ස්ථානවලට ගුවන් ප්‍රහාර දියත් කළේය. ඒ රතු මුහුදේ නැව්වලට හූති කරැළිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙනි.
ජනවාරි 13 – 2024 තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි. පාලක ඩිමොක්රටික් ප්රගතිශීලී පක්ෂයේ ලයි චිං-ටේ සියයට 40ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළේය.
පෙබරවාරි
පෙබරවාරි 8 – 2024 පකිස්ථාන මහමැතිවරණයේ දී : ස්වාධීන දේශපාලඥයින්, ජාතික සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේය. විශේෂත්වය වන්නේ මෙම මැතිවරණයට ස්වාධීනව තරග කළ වැඩි දෙනෙක් තහනම් දේශපාලන පක්ෂයක් වන පකිස්ථානු ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්හි සාමාජිකයින් වීමය.
පෙබරවාරි 22 – අමෙරිකානු සමාගමක් වන Intuitive Machines’s විසින් සඳ මතට යැවූ Nova-C ලෑන්ඩරය සඳ ස්පර්ෂ කළ පළමු වාණිජ යානය බවට පත් විය.
මාර්තු
මාර්තු 7 – ස්වීඩනය නිල වශයෙන් නේටෝ සංවිධානයට එක් වූයේය. ස්වීඩනය නේටෝ සංවිධානයට එක් වූ 32 වැනි සාමාජිකයා බවට පත් විය.
මාර්තු 13 – කෘත්‍රිම බුද්ධිය සඳහා වන ලොව ප්‍රථම විස්තීරණ නීතිමය සහ නියාමන රාමුවවන කෘත්‍රිම බුද්ධි පනත, යුරෝපීය සංගමය විසින් සම්මත කරන ලදී.
මාර්තු 16 – එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් මහ රෝහලේ දී පැය හතරක් පුරාවට පළමු වරට ඌරෙකුගෙන් ජාන වෙනස් කළ වකුගඩුවක් මිනිසකුට බද්ධ කිරීමේ සැත්කම්ක් සාර්ථකව සිදු විය.
මාර්තු 15-17 – 2024 රුසියානු ජනාධිපතිවරණය පැවැත්වුණු අතර වත්මන් ව්ලැඩිමීර් පුටින් පස්වන වාරය සඳහා නැවත ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණේය.
මාර්තු 26 – එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ බහලුම් නෞකාවක් ගැටීමෙන් පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී පුද්ගලයන් හය දෙනකු මිය ගියේය.
අප්‍රේල්
අප්‍රේල් 8 – උතුරු අමෙරිකාවට පූර්ණ සූර්යග්‍රහණයක් දිස් විය.
අප්‍රේල් 16 – මැද පෙරදිගට ඇදහැලෙන අධික වර්ෂාපතනයෙන් ක්ෂණික ගංවතුර ඇති වූ අතර පුද්ගලයින් 32 දෙනෙකු මිය ගියේය. මෙය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එමිරේට්ස් ගුවන් සේවයට බොහෝ බාධා ඇති කළේය.
අප්‍රේල් 29 – කෙන්යාවේ සහ ටැන්සානියාවේ පුළුල් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 488 දෙනකු මිය ගොස් 503,000ක් අවතැන් වීම නිසා ඇති වූ විනාශය තවත් වැඩි විය.
අප්‍රේල් 30 – G7 රටවල් 2030-2035 වන විට ගල් අඟුරු බලය අවසන් කිරීමට එකඟ විය.
මැයි
මැයි 8 – උතුරු මැසිඩෝනියානු මැතිවරණයේදී, VMRO-DPMNE පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව වු ගොර්ඩනා සිල්ජනොව්ස්කා- ඩව්කෝවා එරට පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස තේරී පත් වූවාය.
මැයි 10 – අකාරාදී පිළිවෙලට සාමාජික රටවල් අතර අසුන් ගැනීමේ අයිතිය පලස්තීන රාජ්‍යයට ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කළේය.
මැයි 19 – ඉරාන ජනාධිපති Ebrahim Raisi සහ ඉරාන විදේශ ඇමති Hossein Amir-Abdullahian, අසර්බයිජාන් – ඉරාණ දේශසීමාව ආසන්නයේදී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියේය.
මැයි 23 – ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමකට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය හරහා පැරණිතම මන්දාකිණිවල උපත දැක ගැනීමට හැකි විය. මෙම මුල් මන්දාකිණි තුන නිර්මාණය වී ඇත්තේ වසර බිලියන 13.3ත් 13.4ත් අතර කාලයකට පෙර බව එහිදි අනාවරණය විය.
මැයි 30 – එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ මුදල් නඩු විභාගයේදී චෝදනා 34 කට වරදකරු විය. අමෙරිකානු ජනාධිපතිවරයකු අපරාධයකට වැරදිකරු වූ පළමු අවස්ථාව මෙයයි.
ජූනි
ජූනි 1 – අප්‍රේල් 19 දින ආරම්භ වූ 2024 ඉන්දීය මහ මැතිවරණය අවසන් වුයේය. ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය එහි බහුතරය රඳවා ගත්තේය.
ජූනි 24 – විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදය සමඟ කරන ලද අභියාචනා ගිවිසුමකින් අනතුරුව සිරෙන් නිදහස් වීමෙන් පසු එක්සත් රාජධානිය හැර ගියේය.
ජූනි 25 – චීනයේ Chang’e 6 අභ්‍යවකාශ යානය සාර්ථකව චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය-Aitken (SPA) ද්‍රෝණියේ ඊසාන දිග චතුරස්රයේ මතුපිටින් සහ උප මතුපිටින් පස් කිලෝග්‍රෑම් දෙකක් රැගෙන ආවේය. 2035 වන විට චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවයේ කඳවුරක් ඉදිකිරීම චීනයේ සැලසුමයි.
ජූලි
ජුලි 4 – 2024 එක්සත් රාජධානියේ මහමැතිවරණයේ දී ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ගේ කම්කරු පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් කරගත්තේය. කම්කරු පක්ෂය යළිත් බලයට එන්නේ වසර 14කට පසුය.
ජුලි 13 – හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ බට්ලර් අසල පැවති 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකදී ඝාතනය කිරීමට තැත් කෙරණි.
ජූලි 31 – හමාස් සංවිධානයේ දේශපාලන නායකයා වූ ඉස්මයිල් හනියේ ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවෙසේදී ඝාතනය කරනු ලැබුවේය.
අගෝස්තු
අගෝස්තු 1 – සීතල යුද්ධයෙන් පසු එක්සත් ජනපදය සහ රුසියාව අතර විශාලතම සිරකරුවන් හුවමාරුව සිදු විය. පුද්ගලයන් විසිහය දෙනකු නිදහස් කරනු ලැබිණි.
අගෝස්තු 5 – රට පුරා ඇති වූ විරෝධතාවලට මුහුණ දිය නොහැකිව බංගලිදේශයේ අගමැතිනි ෂීක් හසීනා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඉන්දියාවට පලාගියාය.
අගෝස්තු 24 – බුර්කිනා ෆාසෝ නගරයේ බර්සාලෝගෝ හි දී අල්-කයිඩාවට සම්බන්ධ ඉස්ලාම්වාදීන් විසින් සිදු කරන ලද සමූහ ඝාතනයකට සිවිල් වැසියන් 600ක් ගොදුරු විය.
සැප්තැම්බර්
සැප්තැම්බර් 2 – එලොන් මස්ක්ගේ හිමිකාරිත්වය යටතේ ඇති සමාජ මාධ්‍ය වේදිකාව වන X (ට්විටර් ලෙසද හැඳින්වේ) අවහිර කරීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
සැප්තැම්බර් 17-18 – හමාස්වරුන් විසින් භාවිත කරන ලද පේජර් සහ වෝකිටෝකි යන්ත්‍රවලට එල්ල කළ දැවැන්ත සයිබර් ප්‍රහාර දෙකකින් තිස් දෙදෙනෙකු මිය ගොස් 3,200කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
සැප්තැම්බර් 23 – 2006 සිට හිස්බුල්ලා-ඊශ්‍රායල් ගැටුම් ඉතිහාසයේ ම්ලේච්ඡතම දිනය වාර්තා විය. ලෙබනනයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 569ක් මිය ගොස් 1,835ක් තුවාල ලැබූහ.
සැප්තැම්බර් 30 – විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු බලය ඉවත් කළ පළමු G7 රට බවට එක්සත් රාජධානිය පත් විය.
ඔක්තෝබර්
ඔක්තෝබර් 10 – දකුණු කොරියානු ලේඛිකාවක් වන හැන් කන්ග් සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ පළමු දකුණු කොරියානු පුද්ගලයා සහ පළමු ආසියාතික කාන්තාව බවට පත්විය.
ඔක්තෝබර් 27 – 2024 ජපන් මහමැතිවරණයේ දී පාලක LDP පක්ෂයට 2009න් පසු ප්‍රථම වතාවට එහි පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. CDP පක්ෂ මැතිවරණය නිමා කරන්නේ ඉතිහාසයේ හොඳම ප්‍රතිඵලය ලබා ගෙනය.
නොවැම්බර්
නොවැම්බර් 5 – 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. එය ලෝක දේශපාලනයේ විචිත්‍ර අවස්ථාවක් ලෙස සැලකේ.
නොවැම්බර් 21 – ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, හිටපු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් හමුදා නායක මොහොමඩ් ඩීෆ් යන අයට ඊශ්‍රායල-හමාස් යුද්ධයේදී සිදු කළ යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.
දෙසැම්බර්
දෙසැම්බර් 4 – : 1962 දී ජෝර්ජස් පොම්පිඩෝගෙන් පසු විශ්වාසභංගයක් පරාජය වූ ප්‍රංශයේ පළමු අගමැති බවට මයිකල් බාර්නියර් පත් වූයේය.
දෙසැම්බර් 12 – ඉන්දියානු චෙස් ශූර ප්‍ර ගුකේෂ් දොම්මරාජු 2024 ලෝක චෙස් ශූරතාවය දිනා ගත්තේය. ලෝකයේ ළාබාලම චෙස් ශූරයා ලෙස වසය අවුරුදු 22 දී වාර්තා තැබූ ගැරී කැස්පරොව් විසින් තබන ලද වාර්තාව අවුරුදු 18යි දින 195ක් වයසැති ඉන්දියානු ශූරයා බිඳ දැම්මේය.
දෙසැම්බර් 19 – සිය බිරියට මත්ද්‍රව්‍ය ලබා දී පිරිමින් 72කට නොඅඩු සංඛ්‍යාවක් ලවා 92වතාවක් දූෂණය කර ඡායාරූප හා වීඩියෝ ලබා ගත් කුප්‍රකට සිදුවීම සම්බන්ධව ගිනිකොන දිග ප්‍රංශයේ විභාග වුණ Mazan ස්ත්‍රී දූෂණ නඩු විභාගයේ දී අධිකරණය විසින් එම අපරාධයට ලක්වුණ කාන්තාවගේ සැමියා වූ ඩොමිනික් පැලිකොට් වෙත වසර 20ක සිරදඬුවම් නියම කළේය. එම කාන්තාව දූණෂණය කළ 50 දෙනෙක් ද වසර 3 සිට 15 දක්වා සිරදඬුවම් ලදහ.
දෙසැම්බර් 25 – අසර්බයිජාන් ගුවන් සේවයේ අංක 8243, ගුවන් යානය හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් කසකස්තානයේදී කඩා වැටී 42ක් ජිවිතක්ෂයට පත් විය. යානයේ සිටි 67 දෙනාගෙන් 29 දෙනෙක් අනතුරින් දිවි ගලවා ගත්හ.
ටානියා මොසස්