Home » එප්පාවල, නල්ලමුදාව යෝධ ඇළ රක්ෂිතයට විසඳුම් දෙන්න

එප්පාවල, නල්ලමුදාව යෝධ ඇළ රක්ෂිතයට විසඳුම් දෙන්න

by Mahesh Lakehouse
December 28, 2024 12:29 am 0 comment
තලාව බීට් ටු වන නිල­ධාරී එල්. අජිත් කුමාර ගම්වා­සීන් සමඟ

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවල, නල්ලමුදාව යෝධ ඇළ රක්ෂිතයේ හෙක්ටයාර 30ක භූමි ප්‍රමාණයක සිටුවන ලද පැළ 2000කට ආසන්න ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවා විනාශ කර දමා ඇතැයි තලාව බීට් ටු වන නිලධාරී එල්. අජිත් කුමාර ඉකුත් දා පවසා තිබුණි.

හේන් වගාව හේතුවෙන් වන හානියට ලක්ව තිබූ මෙම රක්ෂිත ප්‍රදේශය නැවත වනාන්තරයක් ලෙස පුනර්ජණනය කිරීමේ අරමුණින් මෙම වන වගාව සිදු කර ඇති අතර, ඉන් අක්කර 15-20ක කොටසක පැළ 1500-2000ක් පමණ ගලවලා විනාශ කර දමා ඇතැයිද, අනවසර හේන් වගාකරුවෝ මේ භූමිය අත්පත් කර ගැනීමේ අදහසින් මේ පැළ ගැලවීම සිදු කර ඇති බවද එහිදී ඔහු අනාවරණය කළේය.

මේ මඟින් පරිසර පද්ධතියට මිල කළ නොහැකි පාඩුවක් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇතැයිද හෙතෙම පෙන්වා දී තිබුණි. මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකුට විරුද්ධව එප්පාවල පොලිස් ස්ථානයේ පැමිණිලි කිරීමට ද හෙතෙම කටයුතු කර ඇත.

අදාළ භූමියේ වන වගාව සිදු කිරීමට විරෝධය පළ කරමින් ඉකුත් 14 වැනිදා නල්ලමුදාව ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වූයේ ද මෙම වන වගාව හේතුවෙන් සිදුවන වන අලින් ගම්වැදීම හේතුවෙනි.

පසුගිය නොවැම්බර් මාසයේ රජයට අයත් නල්ලමුදාව යෝධ ඇළ රක්ෂිතයේ, කොලොන්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි අක්කර 275කට ආසන්න භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 30ක ස්වාභාවික පුනර්ජණනයට ඉඩ සලස්වමින් වන වගාවක් ආරම්භ කළා. පසුගිය කාලයේ හේන් වගාව නිසා මේ ප්‍රදේශයේ වන හායනයට පත් වෙලා ශාක නොමැති ප්‍රදේශයක් බවට පත්ව තිබුණා. ඉදිරියේදී මෙය ස්වාභාවික වනාන්තරයක් බවට පත් කරන්නයි මේ වගාව අපි ආරම්භ කරන්නේ.

එහිදී බිම් මට්ටමේ තියෙන කුඩා ශාක පැළ වර්ධනය කර ගැනීම සඳහා, ඒ අවට තියෙන ආක්‍රමණික ශාක ඉවත් කිරීම සහ පැළ නොමැති ස්ථානවල පැළ සිටුවීම තමයි අපි පළමු අදියර වශයෙන් සිදු කරන්නේ. ඒ අනුව මේ කොටසේ පලු, වීර, කළුවර, බුරුත, මී, කුඹුක් වැනි දේශීය ශාක පැළ 9000ක පමණ ප්‍රමාණයක් අපි මේ වන වගාවේ ස්ථාපනය කර තිබෙනවා.

“පහුගිය දිනවල මේ වන වගාවට විරෝධය පළ කරමින් නල්ලමුදාව ගම්වාසීන් පිරිසක් මේ වගා භූමිය ඉදිරියට පැමිණ උද්ඝෝෂණයක් පැවැත් වූවා, අලි ගැටලුවක් ඉස්මතු කරගෙන එම උද්ඝෝෂණය සිදු කළත්, ඔවුන්ගේ අරමුණ ගවයින් මෙම වගාවට ඇතුළු කර ගැනීම හා ඔවුන්ට මෙම ඉඩම් කොටස් ලබා ගැනීමේ අරමුණින් තමයි ඒක කළේ. එහිදී ඔවුන් මේ වන වගාවට හානි කරන බවත්, ප්‍රකාශ කරලා තිබුණා. ඊට දින දෙකකට පමණ පසු අපි එම ස්ථානය පරීක්ෂා කිරීමේදී සිට වා තිබූ පැළ 9000න් පැළ 2000ක පමණ ප්‍රමාණයක් යම් පිරිසක් විසින් විනාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව මට ලැබුණු තොරතුරු අනුව එප්පාවල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් තඹුත්තේගම අඩවි වන නිළධාරී එම්.ජී.එම් සමරතුංග මහතාද විමර්ශණ සිදු කරනවා යැයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තඹුත්තේගම අඩවියේ, තලාව බීට් ටු වන නිලධාරී එල්. අජිත් කුමාර පෙන්වාදෙයි. “මේ පැළ සිටුවන වැඩේ ගොඩක් හොඳ දෙයක්, අපිට අවුරුදු කීපයක්ම කන්නට වැස්ස ලැබුණේ නෑ, ඒ නිසා දැනට හේන් වගාව අවුරුදු කීපයක් නතර වුණා. දැන් කැලෑව වැවෙමින් තියෙනවා. ගම්වදින අලි ප්‍රශ්නයටත් මේක ලොකු පිටිවහලක්; රිළවුන්ගෙන් ප්‍රශ්න තියෙනවා; පොල් ටික සේරම කනවා ඒ ප්‍රශ්න තියෙනවා.

අපි ඒ කාලේ හේන් කොටන කොට රිළව් මේ කැලේ දහස් ගණන් හිටියා. නමුත් රිළව් දැන් කැලේ නෑ; උන් ගම් වැදිලා පොල් ටික විනාශ කරනවා. ඒ උන්ට කන්න දේවල් නැති නිසා, ඒ නිසා මේ වන වගාව හොඳ දෙයක්. හරක් දාන කට්ටිය හා ඉඩම් අල්ලා ගන්න බලාගෙන ඉන්න අය තමයි මේ පැළ විනාශ කරලා තියෙන්නේ.

නමුත් මේක දැන් රජයේ රක්ෂිතයක් ලෙස නම් කරලා තියෙනවා. මේ පැළ ගලවපු එක ජාතික අපරාධයක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අලුත්වැව ගම්මානයේ ප්‍රදේශවාසීන් කියා සිටියේය.

මේ ගැටලුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවදානය යොමු කර මේ ගැටුම සමථයකට පත් කර දෙන්නැයි ප්‍රදේශවාසීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති.

පැළ ගලවා ඇති අයුරු

පැළ ගලවා ඇති අයුරු

හේන් වගා කරු­වන් නිසා ගස් අහිමි රක්ෂි­තය

හේන් වගා කරු­වන් නිසා ගස් අහිමි රක්ෂි­තය

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division