Home » දියණිය සුව කරගන්න මවුපියන් පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි

දියණිය සුව කරගන්න මවුපියන් පරිත්‍යාගශීලින්ගේ සහාය පතයි

by Mahesh Lakehouse
December 28, 2024 12:29 am 0 comment

රාජාංගණය යාය 9 ප්‍රදේශයේ පදිංචි තරංග බණ්ඩාර හේරත් (පියා) හා ලක්මිණි සමන්ලතා (මව) ගේ දෙවන දියණිය ලෙස කුසලානි පූර්ණිමා උපදින විටදීම උකුල් ඇට දෙකට බිඳී තිබුණි.

තම දරුවා සුව කර ගැනීම සඳහා මේ දෙපළ නොගත් උත්සාහයක් නැත. ඔවුන් දිවයිනේ පිහිටි ප්‍රසිද්ධ රෝහල් කරා තම දරුවා රැගෙන ගියේ කෙසේ හෝ දරුවා සුවකර ගැනීමේ තිර අධිෂ්ඨානයකිණි. එහිදී දැරිය ශල්‍යකර්මයකට භාජන කිරීමට පේරාදෙණිය රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර තිබුණි. එම වෛද්‍යවරයා පිළිබඳ දැරියගේ මවුපියෝ ගෞරවයෙන් සිහිපත් කරති.

මේ වන විට වයස අවුරුදු පහක් පමණවන මෙම දැරිය ඇවිදින විට සමබරතාව රැකගැනීමට නොහැකි නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියි.

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා දැරියට පෝෂ්‍යදායි ආහාර ලබාදිය යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත.

දැරිය රැගෙන පේරාදෙණිය, අනුරාධපුර හා කොළඹ රෝහල් සායනවලට විටින් විට යෑමට සිදුව ඇති අතර ඒ සඳහා විශාල මුදලක් දැරීමට මෙම මවුපියන්ට සිදුව තිබේ.

දැරියගේ පියා කුලී වැඩ කරමින් ජීවිකාව පවත්වා ගෙන යන අතර මවට එම කාර්යය කළ නොහැක්කේ දැරිය බලාගෙන නි‌ෙවසට වී සිටීමට සිදුවීම නිසාය.

මෙම දැරියට වඩා වැඩිමහල් දියණියක සිටින අතර ඇය ඉගෙනුම ලබන්නේ 4 ශ්‍රේණියේය.

රෝහල්වල සායන වලට දරුවා රැගෙන යෑමට විශාල මුදලක් වැය කළ යුතුව ඇති අතර ඖෂධ සඳහා ද විශාල මුදලක් සොයා ගත යුතුය. ඇතැම් දිනවල ඖෂධ ලබා ගැනීම මහත් දුෂ්කර කාර්යයක් වී ඇති අතර පෝෂ්‍යදායී ආහාර දරුවාට ලබාදීම මෙම අසරණ මවුපියන්ට සිහිනයක්ව පවතී.

රෝගී දියණියගේ කටයුතුවලට වැඩි අවධානයක් ලබාදීම හේතුවෙන් වැඩිමහල් දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට ද විශාල බලපෑමක් එල්ලවී තිබේ. ඔවුන්ට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට පිහිටවන මෙන් පරිත්‍යාගශීලී පින්වතුන්ගෙන් ඉල්ලා සිටිති.

රාජාංගණය – කුමුදුණී කෞෂල්‍යා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division