‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන පවුල්වල සියලු සිසුන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුල්වල දරුවන්ට එළැඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
එමෙන්ම මේ වන විටත් ‘අස්වැසුම’ ප්‍රතිලාභ නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ඇති නිසා මේ කාර්යය පහසුවෙන් සිදු කළ හැකි බවද ඔහු පවසයි. ඒ හරහා ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට කඩිනමින් සහන සැලසීමට හැකි වන බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමි පවුල්වල දරුවන් අටලක්ෂ විසිපන්දහසක් සහ අස්වැසුම හිමිකම් නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකටත් මෙම දීමනාව හිමි වනු ඇත.