Home » ආපදා අවම කර ගන්න මධ්‍යස්ථානය සීරුවෙන්

ආපදා අවම කර ගන්න මධ්‍යස්ථානය සීරුවෙන්

by Mahesh Lakehouse
December 28, 2024 12:35 am 0 comment

පසුගිය වසරවල ඊසාන දිග මෝසම් කාලය තුළ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳ අවධානය යොමු කරමින් එළඹෙන මෝසම් වර්ෂාවෙන් ඇති විය හැකි ආපදා අවම කර ගැනීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ඒ උදෙසා පාර්ශ්වකාර ආයතනවල මැදිහත්වීම ඇතිව ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සැලසුම් සකස් කර තිබේ.

මෙවර ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයින පුරා සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් විශේෂයෙන්ම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී සාපේක්ෂ වශයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන තුළින් අනාවරණය වී ඇත.

ඒ අනුව ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීමේ අරමුණින් පාර්ශ්වකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ‌ෙජනරාල් උදය හේරත්ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division